Image

විදුලි සැර වැදීමෙන් වන අලින් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

විදුලි සැර වැදීමෙන් වන අලින් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රඹෑව, අලුත්ගම ගම්මානයේදී පුද්ගලික ඉඩමක නිවසේ සිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීම හේතුවෙන් වන අලින් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ වනජීවී නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹෑව, අලුත්ගම ප්‍රදේශයේ පදිංචි බයියාගේ ගුණදාස නමැති අයයි.

අදාල ගම්මානයේ වන අලින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට වන සත්ව අඩවි සහකාරවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරුගේ ඉඩමේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම වන අලින් දෙදෙනා මියගොස් ඇති බවයි. සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී එම්. එල්. උදේශිකා මධුවන්ති විසින් සිදුකරනු ලැබූ අතර, එහිදී  විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනා මිය ගොස් ඇති බව තහවුරු කර ඇත.

ඒ අනුව ඊයේ (27) පස්වරුවේ වනජීවී නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (28) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න