අත්අඩංගුවට පත් චන්දිමාල්ට සහ පියුමිට ඇප !

අත්අඩංගුවට පත් චන්දිමාල්ට සහ පියුමිට ඇප  !

ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි  ඊයේ =පොලිස් අත්අඩංගුවට ගෙන ඇති  අතර,  අද (31) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.

ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ පෞද්ගලික හෝටලයක උපන් දින සාදයක් පැවැත්වීමය.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේවන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සාදයට පුද්ගලයින් 25 -30 ත් අතර සංඛ්‍යාවක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට දේශපාලන කේෂත්‍රයේ ප්‍රභූ කාන්තාවක්ද විවාහක රූරැජිනක් ද සහභාගී වි සිටි බවටත් වාර්තා වි තිබේ.

Screenshot 2021 05 31 at 2.27.04 PM

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න