Image

සමුගත් හඬක්… සදා නොමැකෙන මතකයක්…

සමුගත් හඬක්… සදා නොමැකෙන මතකයක්…

සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන් ජනතාවගේ හදවත් දිනාගත් ආදරණීය ගායන ශිල්පී රුක්මන් අසිත අද අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇති පුවත මහත් සංවේගයක් දනවයි.

රුක්මන් කියන්නේ ගායනයෙන් පමණක් නොව, නිහතමානීකමෙන්, මනුෂ්‍යත්වයෙන් සහ අව්‍යාජ සිනහවෙන් සියලු දෙනාගේ ආදරය දිනාගත් කෙනෙක්. සිරස මාධ්‍ය ජාලය සමඟ දිගු කාලයක් ආදරයෙන් බැඳී සිටි ඔහු, සෑම වැඩසටහනකදීම තම සහෝදර ශිල්පීන්ටත්, කාර්ය මණ්ඩලයටත් සමීප වූ හදවතක් හිමි මිනිසෙකි.

494531423 24385885754344674 4905242278659562635 n

“පුංචි මිනිසුන්ගේ ගායකයා” ලෙස බොහෝ දෙනා ඔහුව ආදරයෙන් හැඳින්වූයේ, ඔහුගේ ගීතවලින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත, දුක, සතුට, අරගල සහ බලාපොරොත්තු හඬගැන්වූ නිසාය.

“උදේ හවා දකිනවා…”

“ආදරේ මහා සුන්දරයි…”

“පේළි පේළි ගෑණු ළමයි මා දිහා බලා…”

යන ජනප්‍රිය ගීත මෙන්ම, ත්‍රීරෝද රථ රියදුරන්ගේ ජීවිතය හදවතින් ගැයූ ඔහුගේ ගීත අදත් බොහෝ දෙනාගේ දෙතොල් මත රැඳී ඇත.

“අව් වැසි කියාලා වෙනසක් නැතේ…

දුකයි සැපයි රහයි මාවතේ…”

“රෝද තුනේ යහනේ නැතේ හීන මානේ…

ත්‍රී වීලර් එක අපේ වාහනේ…”

මේවා ගීත පමණක් නොව, දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත කතාවන් විය.

ඔබගේ හඬ නිහඬ වුවද, ඔබ ගැයූ ගීත, ඔබගේ නිහතමානී සිනහව සහ මිනිසුන්ට දැක්වූ ආදරය කිසිදා නිහඬ නොවනු ඇත.

ආදරණීය රුක්මන් අසිත, ඔබට අමා මහා නිවන් සුව අත්වේවා!

ඔබගේ මතකය සදා අප හදවත් තුළ ජීවමාන වේ.

 

53419647 2125471674188588 7050361882091192320 n

 

 

 

 

සටහන -  ප්‍රියන්ත විජේසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න