අගමැතිගේ කිස් එක ගැන පූජා කතා කරයි !

අගමැතිගේ කිස් එක ගැන පූජා කතා කරයි !

‘මට උම්මා එකක් ඕනේ කියලා කිවුවා.. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා..’ අගමැති සිපගැනීම ගැන පූජා කියයි..

පසුගියදා සරසවිය සම්මාන උලෙලේදී හොදම නිලියට හිමි සම්මානය දිනාගත් පූජා උමාශංකර් එම වේදිකාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිප ගැනීම මව්බිම පුවත්පත සමගින් අදහස් පල කර තිබේ.

මම වේදිකාවට යද්දි මගේ වම් පැත්තෙ රන්ජන් අයියා හිටියා. මම ළඟදි රන්ජන් අයියා, චන්න විජේවර්ධන මාස්ටර්, උදාරි, උපේක්ෂා, ශනුද්‍රි, අමිල, පුබුදු, ස්වර්ණා මල්ලවආරච්චි අක්කි, ජීවන් අයියා එක්ක මෙල්බන් ගියා සිනෙතරු රැයක් කියන වැඩසටහනට. එතැනදි හැමෝම එක්ක මම යාළු වුණා. ඉතින් මම වේදිකාවට යන්න කලින් රන්ජන් අයියාගෙන් කිස් එකක් ගත්තා. වේදිකාවෙදි අගමැතිතුමා කිව්වා ‘ෂා ඇඳුම ලස්සනයි’ කියලා. ‘ඉන්නකෝ, මෙහෙම කරනකොට දිලිසෙනවා බලන්නකෝ කියලා මම ඇඳුම කරකවලා පෙන්නුවා. ඇඳුමේ ස්ටෝන් එතකොට ලස්සනට පේනවා. මම ලස්සනයිද ඇහුවම අගමැතිතුමා කිව්වා ‘ ආ……… ඔව් ලස්සනයි’ කියලා. සම්මානය ගනිද්දි මම එතුමට කිව්වා ඔබගේ අතින් සම්මානය ගන්න ලැබීම ගෞරවයක් කියලා.

එතකොට අගමැතිතුමාමොකද කිව්වේ?

ඔයා එන්න කලින් රන්ජන්ගෙන් කිස් ගත්තනේ. සම්මානය ගන්නවට වඩා ලොකු රන්ජන්ගේ කිස් එකනේ කියලා ඔහු මට හිනාවෙලා කිව්වා. ඊට පස්සේ මම ඔහුගෙන් ඇහුවා ‘සර් මට කිස් එකක් දෙන්න අවසර දෙනවද කියලා. එක කිස් එකක් දුන්නට පස්සේ මට තව එකක් ඕනේ කියලා මම කිව්වා. ඒක තමයි වුණේ.

පූජාට නේද හාදුවක්ඕන වෙලා තිබුණේ?

ඔව්. මට ඕන නිසා තමයි මම ඉල්ලුවේ. මිනිස්සු හිතනවා මෙයා කොහොමද අගමැතිතුමාගෙන් කිස් එකක් ගත්තේ කියලා. ජීවිතයේ මොනවා හරි ඕනේ නම් ඒක කෙනකුගෙන් ඉල්ලන්න ඕන. ඉල්ලුවොත් විතරයිනේ දෙයක් හම්බවෙන්නේ. ඒ වගේ මම අගමැතිතුමාට කිව්වා මට උම්මා එකක් ඕනේ කියලා. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා.

එහෙම ඉල්ලන්න පූජා දෙපාරක්හිතුවේ නැද්ද?

මට එහෙම හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. එයා කිස් එකක් දුන්නේ නැත්නම් මම එයාට කිස් එකක් දෙනවා. මේක දේශපාලන වේදිකාවක් නෙමෙයිනේ. මේක සතුටෙන් ආදරයෙන් පිරුණු සම්මාන උළෙලක්. එතැනදි දේශපාලන වේදිකාවක වගේ ඉන්න ඕනේ නෑනේ. මට දේශපාලනය එක්ක සම්බන්ධතාවක් නෑනේ. මම සම්මාන උළෙලට ගිහින් අත රිදෙනකල් හැමෝටම අත්පුඩි ගැහුවා. මට විසිල් ගහන්න බැරි නිසා මම විසිල් ගැහුවේ නැහැ. නැත්නම් විසිලුත් ගහනවා. එතැන ඉන්න ඕන සතුටෙන්. මම ඒ සතුටෙන් තමයි වේදිකාවට ගියේ. මට දේශපාලනයද කියලා අදාළ නැහැ.

ඒ හාදුව ලිප් කිස් එකක් කියලත්සමහරු කියන්න අරගෙන?

අනේ නැහැ. අගමැතිතුමා හිතුවේ නැහැ මම කිස් එකක් ඉල්ලයි කියලා. එයා දෙවැනි උම්මා එක ඉක්මනට දුන්නා. ඒක ෆොටෝවලට අරගෙන තිබෙන අෑන්ගල් එකෙන් පේන්නෙ ලිප් කිස් එකක් වගේනේ. එයා මගේ තාත්තා වගේ. සතුටින් මම ඒ සම්මානය ගත්තේ. හදවත සතුටින් තියෙනවා නම් ඒක පෙන්නන්න ඕන. මම ඒ වගේ. අනෙක් අයගේ සතුටින් එතකොට තවත් සතුටු වෙන්න පුළුවන්.

මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න