අයියෝ ශාන්ත , ජනකාන්ත රූකාන්ත :දඹදෙණිය - කටුගම්පල පාර බලන්න එන්න !

අයියෝ ශාන්ත , ජනකාන්ත රූකාන්ත :දඹදෙණිය - කටුගම්පල පාර බලන්න එන්න !

Shantha Bandara,Janakantha Rookantha Dambadeniya, දඹදෙණිය - කටුගම්පල පාර බලන්න එන්න.....

දඹදෙණියේ සිට ලබුයාය හන්දිය දක්වා දිවෙන මාර්ගය වැසි සමයත් සමග තව තවත් අබලන් වනු දැකීමට නොහැකි වන තැන මේ අයුරින් සටහනක් තැබීමට කටයුතු කරමි.

මේ පිළිබදව මීට පෙරද සදහන් කළද ඊට දේශපාලන අධිකාරීන්ගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති වීම ප‍්‍රදේශවාසීන් ලෙස අප ලද අභාග්‍යයකි. ඊට හේතුව වන්නේ ජනතාවට ආදරය කරන දේශපාලකයන් නොවීම විය හැකිය. එහෙත් යළිත් මේ පිළිබදව අවධානය යොමු කරන්නේ වැස්සත් සමග අදාළ මාර්ගයේ පැවති විශාල ප‍්‍රමාණයේ වලවල්වලට වතුර පිරී පයින් යන අයෙකුට හෝ මාර්ගයේ ගමන් කිරීමට සාතිශය දුෂ්කර ව පවතින අවස්ථාවකය. මාර්ගය සකස් කිරීමට තිබෙන්නේ දඹදෙණියේ සිට උපරිම කි.මී. 2ක ප‍්‍රමාණයක් පමණකි. ඉන් එපිට කාපට් අතුරා මාර්ගය සකසන්නට ඒ ඒ ආසනයන් හා සම්බන්ධ දේශපාලකයන් කටයුතු කර ඇත. අවාසනාවකට දඹදෙණියට එවන් දේශපාලනයක් නැත.

අප කාට හෝ අපගේ ඡුන්දය ලබා දෙන්නේ පොදු ජනතා අවශ්‍යතාවන් පිළිබ`ද ජනතාව වැදගෙන ගොස් ඔවුන්ට කියන්නට නොවේ. එහෙත් ජනතාව ඒ තැනට ඇද දමන්නට ඔවුන් කටයුතු කර ඇත. ජනතා නියෝජිතයන් මූලික ජනතා අවශ්‍යතාවන් පිළිබදවවත් සොයා බැලිය යුතුය. එසේ නොමැති පරිසරයක් තුළ හෙට දවසේ මනාප සොයා එන්නන්ට අමනාප නොවන ලෙස සලකන්නට අපි මග බලා සිටින බව පමණක් මතක් කර සිටිමු.

අදාළ මාර්ගය ඉතා ඉක්මණින් පිළිසකර කිරීමට කටයුතු කරන්නේ නම් එය ඔබගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව මතක් කර සිටිමි.

ඡායාරූප ඇත. පළ නොකරන්නේ බලධාරීන් මාර්ගය පැමිණ නිරීක්ෂණය කළ යුතු හෙයිනි.

අසංක ධර්මසිරිගේ ෆේස් බුක් පිටුවෙනි !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න