Language Switcher

V2025

අපි නොදන්න ඇමරිකන්

සහස‍්‍ර අභියෝගතා ගිවිසුමෙහි ඉංග‍්‍රීසි පිටපත ළග තබා ගනිමින් මලලසේකර ශබ්ද කෝෂය පෙරලමින් සිටි බයගුලූවංශ ඉන් එක එක වචනය තමන්ගේ පොතේ සටහන් කර ගත්තේ මේකෙන්වත් මේ පාර ගොඩ යන්න පුළුවන් වුණොත් ගෑණිගෙන් බේරෙන්නට හැකි වනු ඇතැයි සිතමිනි. 2015 ජනවාරි 8 වැනිදා සිට මේ දක්වා බලේ නැතිකමින් ගෑණිගේ තාඩන පීඩන ඉවසමින් සිටි බියගුලූවංශ කෙසේ හෝ සහස‍්‍ර අභියෝගතා ගිවිසුම ගැන කතා කිරීමට අදිටන් කොට ගත්තේ තමන්ගේ සුපුරුදු ඇමරිකන් විරෝධී තැටිය වාදනය කිරීමට ඉඩ ලැබෙන හෙයිනි.

චචනෙන් වචනය ශබ්දකෝෂයේ හෙවීමත් මාරම ගේමකැයි තේරුම් ගත් බියගුලූවංශ ගොම්මන්පිලයාගෙන්වත් මේක අහගන්න තිබුණා නේදැයි සිතා පසුව සිතුවේ එහෙම අහගන්න ගියොත් මේකේ ලකුණු ටික ඒකා දාගන්නවා නේදැයි කියාය. ඔය අල්ලපනල්ලේ තමන්ගේ ව්‍යඝ‍්‍රා ධේනුවක් මෙන් එතනට කඩා පැන ගත් සශී දුටු බියගුලූ වංශයා කිව්වේ මේ පාර නම් ලොක්කා දිනපුවාම හොදම ඇමති කමක් තමන්ට ලැබෙන බවයි. අනේ තමුසෙට හම්බවෙන ඇමතිකම්. හැමදාම රාජපක්ෂලගෙ කටු ලෙවකනව විතරයි. අර සජිත්ටවත් හේත්තු වුණා නම් ඇමති කමක් ගන්න තිබුණා. ගෝතා පැරදිලා තමුසෙට ඇමතිකම් දෙන්නේ කොහොමදැයි ඇගට කඩා පැන්නේ තරුණ කොල්ලන්ගේ ඇගට කඩා පනින ව්‍යාඝ‍්‍ර ධේනුවක්ම මෙනි.

කොහොමින් කොහොමින් හෝ අද රෑට තියෙන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී සියල්ලට ඉහළින් ඉන්න එකේ කඬේ යන අයගෙත් උදව්වෙන් මේ ගිවිසුම ගැන බොරු ටිකක් පැල කර ගන්න පුලූවන් වුණොත් මම ගොඩ යැයි සිතූ බියගුලූ ? වැඩසටහනට යන්නට අවශ්‍ය ඇදුම් පැළදුම් සූදානම් කරන්නට විය.

කෙමෙන් හැන්දැ වෙද්දී කලින්ම ඉහළින්ම දකින තැන සිටුඩියෝ එකට පැනගත් බියගුලූ වංශයා එතැන් සිට වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීන යැයි කියා ගන්නා පුද්ගලයන් සමග කතිකා කර ගත්තේ වැඩසටහන කරන ආකාරය හා එයින් දැනට කුජීත වී සිටින තමන්ගේ අපේක්ෂකයාට සේලයින් දෙන ආකාරය පිළිබදවය. දැන් කොහොමටත් ජනාධිපති අපේක්ෂකයා මෙන්ම තමන්ගේ දැනල් එකද කුජීත වී ඇති බව කියූ වැඩසටහන මෙහෙයවන එක් අයෙක් ඔන්න ඔහේ මොනව හරි බොරුවට කියමු. ඔය වැඩසටහන බලන්නේ අපේ හරක් විතරයැයි පැවසුවේ පොහොට්ටු සාමාජිකයන් දෙකේ කොලේට දමමිනි.

විනාඩි කිහිපයකට බියගුලූ ස්ටුඩියෝවෙහි තනි විය. මෙච්චර බොරු කියලත් මේකාට දිනන්නට බැරි වුණොත් ගෑනි කොල්ලන්ටම දී ඔලූව හැරුණ අතක යන්නට වෙනවා යැයි සිතූ බියගුලූ ඔලූවේ අත ගසා ගනිමින් ඉදගෙන සිටි තැනින් නැගිට්ටේ පරදිනවා සිතූ විට කලිසම තෙත් වන බව හොදින්ම දන්නා බැවිනි.

ඉදගෙන සිටි තැනින් නැගිටිද්දීම බියගුලූවංශව පසුකරමින් බිත්තියට ප‍්‍රාතීර්භූත වූ හේමලයා හම්බ වූ චාන්ස් එකෙන් ප‍්‍රයෝජනයක් ගත්තේ බියගුලූ සමග සංවාදයකට එළඹෙමිනි.

ඡන්දෙ වෙනකල් ඇදගෙන යන්න එකක් හම්බ වුණා නේද?

හේමලයා ප‍්‍රාතීර්භූත වෙනු නොදුටු බියගුලූ වටපිට බැලූවේ ඊහළින්ම ඉන්න එකේ ලොක්කාවත් පුරුදුද්ට මෙන් ස්ටුඩියෝ එකේ අස්සේ හැංගී ඉන්නවාදැයි බලමිනි. එකෙනෙහිම හේමලයා යළිත් හඩ අවධි කළේ මේ හරකා තමන් ළග ඊන්න හේමලයා ගැනවත් දන්නේ නැද්දැයි කියමිනි.

ඡන්දෙ වෙනකල් ගිවිසුම ඇදන් යන්න පුළුවන්ද?

ආ. උඹද මම හිතුවෙ මේ අස්සෙ රෙනෝ කියලා.

කවුද මේ අස්සෙ ඕව කරන්න එන්නේ අනික’‘ මේ ස්ටුඩියෝ එකේ ?

හා හා මේකේ වෙන දේවල් උඹ දන්නේ නෑනේ. දැන් මොකක්ද උඹ කිව්වේ?

මම ඇහුවේ ඡන්දෙ වෙනකල් ඇදගෙන යන්න එකක් ආවේ කියලා ?

ඔව් ඉතිං. මේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහස‍්‍ර අභියෝගතා ගිවිසුම ගැන කතා කරන්න ඕනේ.

ඒ් කිව්වේ නවත්වන්න ඕනේ කියලද?

නෑ නෑ මම කොහොවත් මේක නවත්වන්න කියල නෑනේ. එහෙම කියන්නෙත් නෑ.

ඇයි?

එහෙම කිව්වොත් මට ගෙදර නවතින්න තමයි වෙන්නේ. ගෝතා ස කියලා තියෙන්නේ අපි ආවත් ඔක ඔය විදියටම ගෙනියනවා කියල තමයි.

එහෙනම් බොරුවට කෑ ගහන්නේ ?

ඇමරිකාවට රටේ ඉඩම් ටික විකුණනවා කියපුවාම මිනිස්සු ඒක ගැන හිතනවනේ. එතකොට අපේ එකාට ඡුන්දෙ දෙනවානේ.

ඇමරිකාවේ එකෙක්කට ඡුන්දෙ දුන්නාම ඒක විසෙදනවද?

එයා ඇමරිකාවෙ වුණාට දැන් අපි සුජාත, දෙශපේ‍්‍රමී කරලා ඉවරයිනේ. දැන් සජිත් ඇමරිකාවෙන් ආවා වගේනේ අපි කියන්නේ. අපේ හරක් දන්නවනේ ඉතිං.

දැන් ඔය කියන විදියෙ අහිතකර දේවල් ඔය ගිවිසුමේ තියෙනවද?

ඒක මම දන්නෙ නෑ. ආර්ථික සභාවෙ සිංහලෙන් පළ වුණ වාර්තාව තිබුණා. ඒකෙ තියෙන ටිකක් අරං ඇවිත් කියවනවා. එච්චරයි.

එතකාට කවුරු හරි ප‍්‍රශ්න ඇහුවොත් ?

අහන්නේ අපේ එකෙක්නේ. උන්ට ඔය මොනව කිව්වත් හරි කියලා පිළිගන්නේ. අපේ පාක්ෂකයො එහෙමයි අපි කියන්නෙ මොකක්ද ඒක හරි.

එතකොට දැන් ගෝතා එ ඕක ගැන කතා කරන්නෙ නැත්තේ ඇයි ?

මේක ගැන කතා කරන්න තියා මිනිහා ප‍්‍රතිඵත්ති ප‍්‍රකාශනේ තියෙන දේවල්වත් හරියට දන්න එකක් යැ.

එතකොට ඒක හැදුවේ එයා නෙවෙයිද?

පිස්සුද ඒක ඔය ඩලසුයි,තව කීප දෙනෙකුයි එකතුවෙලානෙ හැදුවේ.

බැරි වෙලාවත් ඔය එම් සී සී ගිවිසුම ගෝතා ෂ ගෙ ආණුඩුවක් කාලෙ ගේන්න වුණොත් ?

ආ එතකොට අවුලක් නෑ. ගෝතා සර්ගෙ ආණුඩුවක් කියන්නේ මමත් ඒකෙ ඇමති කොනෙක් නේ. මම ඔය ඉඩම් හරා මහා මාර්ග හරි ඇමති කමක් අරං ඔය මනින මනින ඉඩම ගෑනිගෙ පවුලෙ කාට හරි ලියලා දානවා’ පාරක් හදන්න වුණොත් ඉතින් අපි දන්නවනේ.

ඒ කියන්නේ එතකොට ඒක අවුලක් නෑ ?

එතකොට නෙවෙයි දැනුත් අවුලක් නෑ. වැඬේ තියෙන්නේ මේව ඇර අපි මොනවද ස්ටේජ් එකේ කියන්නේ. ඒක හින්ද ඉතින් මේකම කියනවා.

අර ගොම්මං කාරයක් ඕකම නේද කියන්නේ ?

ඒව කොහෙද මගෙත් එක්ක මම තමයි මේක කර තියාගෙන අදින්නේ.

ඔයාලා කර තියාගෙන අදිද්දි අර වියත් මගේ සෙට් එක බැහැලා යනවා නේද?

වියත් මග කියන්නේ ඒකනේ. එතන යමක් කමක් තේරෙන උන් ටික ෂේප් එකේ මාරු වෙනවා. තේරෙන්නෙ නැති ටික ඉන්නවා.

දැන් ඉතින් තනියම මේ වැඩසටහනට ඇවිත් 4 දෙනත් එක්ක පාලූ ගෙයි වලං බිදලා හරියනවද?

ඔහෙම තමයි මේ ගේම් එක ගහන්න වෙන්නේ. යූ ඇන් පී හරා ජ විපෙ එකෙක් හරි මෙතන හිටියනම් මම කොහොමද මේව කියන්නේ. උන් අනිත් පැත්තට මේ කියපු දේවල් බොරු කියලා ඔප්පු කරනවනේ.

ඉතින් එහෙමනේ වෙන්න ඕනේ. මිනිස්සු දැනගන්නේ එතකොටනේ ?

මිනිස්සු ඇත්ත දැන ගත්තාම අපේ එකාට යන කල මොකක්ද? අපේ එකා පැරදුණාම අපට යන කල මොකක්ද? අපිට ඇමති කමක් නැතුවාම ගෑණිට යන කල මොකක්ද ? ගෑණිට බලයක් නැති වුණාම කොල්ලන්ට යන් කල මොකක්ද? කොල්ලො නැති වුණාම ව්‍යාඝ‍්‍රා වලට යන කල මොක්ක්ද කියමින් තමන් ගෙනා ෆයිල් මිටිය මේසයට ගැසූ බියගුලූ වංශයාගේ කෑ ගසන හඩ ඇසී වතුර වීදුරුවත්ද රැුගෙන එතනට පැමිණි මාධ්‍යවේදියා කල්පනා කළේ තමන් ස්ටුඩියෝ එක කියා වැසිකළියට ආවාදැයි කියාය.

තවමත් ඔලූව විකාරෙන් දොඩවමින් සිටි බියගුලූ වංශයාට වතුර බිංදු කීපයක් ගැසූ මාධ්‍ය වේදියා පැවසුවේ ඔබ තුමාලා බොරු කියමින් මේ රටට කරන විනාශය නිසා පිස්සු නොහැදී ඉතුරු වුණොත් ලොකු දෙයක් කියාය.

අසංක ධර්මශ්‍රී