එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්රතිව්යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබීය.
පිටකෝට්ටේ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පරපුර දෙකෙහි නියෝජිකත්වය සහතික කරනු ලැබුවේ හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්රමසිංහ විසිනි.
මිලේනියල් UNP පරපුර වයස අවුරුදු 30-40 දක්වා කාණ්ඩය නියෝජනය කරයි. Gen Z UNP පරපුරට අයත් වන්නේ වර්ෂ 2000 න් පසුව ඉපදුනු යෞවන, යෞවනියන්ය.
ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂයක් මේ ආකාරයට පරපුර දෙකක් නියෝජනය වන සාමාජකත්වය ප්රවර්ධනය කළ පළමු අවස්ථාව මෙය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
වසර 5ක ඡන්ද ප්රතිපත්ති ප්රකාශ වෙනුවට අවුරුදු 20ක වැඩපිළිවෙලක් ඇතුළත් එක්සත් ජාතික පක්ෂ හරිත පත්රිකාව පිළිබඳව ද කෘත්යාධිකාරී මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන පැවැසුවේය.
තනි තනි දේශපාලන පක්ෂ වශයෙන් නොව පොදු එකඟතාවයක් යටතේ සියලු පක්ෂ එකට වැඩකිරීමේ අවශ්යතාවය සහා ඒ වෙනුවෙන් වන ක්රමවේදය හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විස්තර කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
