Image

යෝෂිතගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12ට

යෝෂිතගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12ට

අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (30) දින නියම කළේ ය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කට්ටි 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න