Image

රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන අත්හිටුවයි: අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූ කරුණු මෙන්න

රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන අත්හිටුවයි: අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූ කරුණු මෙන්න

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටවූ බව අල්ලස් කොමිසම අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.

ඒ, අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනු කරමින් නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

තවද, මෙම සිද්ධියට අදාළ තෙවැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක් තහනම් කිරීමට කටයුතු කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේය.

එමෙන්ම, මෙම සිද්ධියේ පළමු සැකකරු වන චරිත අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ඉදිරි දින කටයුතු කරන බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

මෙම වාර්තා පැය 72ක් ඇතුළත අධිකරණයට ලැබීමට සලස්වන බව පැවසූ අල්ලස් කොමිසම, මේ සම්බන්ධයෙන් ප්‍රගතිය වාර්තා කිරීමට ඉදිරි දිනයක් ඉල්ලා සිටියේය.

2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපල අත්හිටුවීමට පියවර ගත් බවයි අල්ලස් කොමිසම  අධිකරණයට දන්වා ඇත්තේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 8 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර රඛිත රාජපක්ෂට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස චරිත අබේසිංහ, දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටිනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න