හෝමාගම පොලිසිය තුළ මරණයට පත් තරුණයා අත්අඩංගුවට පත්වීමට පෙර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත වී සිට ඇති බවත් බස්නාහිර පළාත් දකුණ සහ නියෝජ්ය පොලිස්පතිවරයා යටතේ ඊට අදාළව විශේෂ විමර්ශනයක් ක්රියාත්මක වන බවත් බස්නාහිර පළාත භාර නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි.
ඔහු පැවසුවේ "මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඊට අමතරව මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝමාගමගේ වැඩ තහනම් කළා.." යනුවෙනි
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා මෙසේද පැවසීය.
“මෙම තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියයන්නෙ. රෝහල්ගත කරන අවස්ථාවේදී දැනගන්නවා මෙම මියගිය තරුණයා සහ ඔහුත් සමඟ තවත් තරුණයකු අත්අඩංගුවට ගන්නවා යම්කිසි අපරාධයකට, අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ මොහු පොලිස් ස්ථානයට රැගෙන ඇවිත් පොලිස් ස්ථානයේ රඳවා තබා ඔහුට රෝගී තත්ත්වයක් ඇතිවූ පසුව තමයි රෝහල් ගත කරන්නේ හෝමාගමට. ඉන් අනතුරුව රෝහලේදී මිය යනවා.
තරුණයා අත්අඩංගුවට පත්වන්නේ 25 වැනිදා අලුයම් කාලයේ. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ (24) වැනිදා රෝහල්ගත වෙලා ඉදලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී 'මම බයිසිකලයකින් වැටුණා. ඒ නිසා තමයි හොස්පිට්ල් ඇඩ්මිට් වුණේ' කියලා. ඒ වුණත් බයිසිකලයෙන් වැටිලා හොස්පිට්ල් ඇඩ්මිට් වුණත් පැය කිහිපයක් රෝහල්ගතවෙලා ඉදලා වෛද්යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා. නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්රථම බයිසිකලයෙන් වැටුණා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවෙලා දොගොල්ලෝ මෙයාට පහරදීමක් සිද්ධ වෙලා තියෙනවා.
මේ පහරදීම අනුව තමයි රෝහල් ගතවෙලා තිනේනේ. ඒ අනුව 24 වැනිදා ඇතිවුණ සිද්ධියත්, ඒ වගේම පොලිස් ස්ථානය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙනුත් මේ වන විට විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා.
මේ වනවිට උප පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළා. ලබන 11 දක්වා රක්ෂිත බන්නාගාර ගත කළා. මෙහි ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. විමර්ශනවලදී හෙළිවන කරුණු අනුව ඉදිරි ක්රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.”
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, පොලිස් මාධ්ය කොට්ඨාස ශ්රවණාගාරයේදී ඊයේ (29) පැවති මාධ්ය හමුවකදීයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
