Image

විජයදාසගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි

විජයදාසගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ හට අයත් බැංකු ගිණුම් කිහිපයක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් (රුපියල් කෝටි 12ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර රඛිත රාජපක්ෂට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, දෙවැනි සැකකරු ලෙස චරිත අබේසිංහ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට දැනට ඇප මත සිටිති.

අදාළ ගිණුම් සහ වාහන අත්හිටුවීමට අදාළ නොතීසිය භාර දීම සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද (29) ඔහුගේ නිවසට ගොස් එය භාරදී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න