මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී ලෙස රුපියල් බිලියන190ක මුදලක් විදේශ රටවලට යැවූ සිද්ධියට සම්බන්ධ ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන නොවැම්බර් මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාර නිලධාරීන් මඟින් නඩුවේ 1, 7 සහ 8 යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරියා අධිකරණය හමුවේ පවසා සිටියේ, 1සහ 7 වන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝග ලබා දීමට නියමිත බවයි.
නඩුකරය ආරම්භයේදී සැකකරුගේ ඇප ඇයඳුම් පත මහේස්ත්රාත්වරයා විසින් ප්රකාශයට පත් කළා.
ඇප ඇයඳුම්පත ප්රකාශය කරමින් මහේස්ත්රාත්වරයා, 7 සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බැවින් 7වන සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය. ඒ අනුව, එකී සැකකරුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය පියවර ගත්තේය. මීට අමතරව, සෑම ඉරිදාවකම පෙ.ව. 9.00 ත් 12.00 ත් අතර කාලය තුළ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද එම සැකකරුට නියෝග කෙරිණි.
මේ අතර, 1 වන සැකකරු සම්බන්ධයෙන් වන ඇප නියෝගය ඉදිරි දිනයකදී සලකා බලන බව ප්රකාශ කළ මහේස්ත්රාත්වරයා, 1 සහ 8 වන සැකකරුවන් නොවැම්බර් 05 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එදිනට එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ඇප විරෝධතා ගොනු කරන ලෙසද මහේස්ත්රාත්වරයා මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
