Image

කටුනායක මගී ධාරිතාව වැඩි කරන ව්‍යාපෘතිය කඩිනම් කරන්න - ජනපති

කටුනායක මගී ධාරිතාව වැඩි කරන ව්‍යාපෘතිය කඩිනම් කරන්න - ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Image 2026 10 29 at 9.55.AM

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී පුළුල් සාකච්ඡාවට ලක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්‍යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම, කටුනායක ගුවන් තොටුපළ ඇතුළු දිවයිනේ සෙසු ගුවන් තොටුපළවල මගී ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය මෙන්ම ගුවන් මගීන්ට වඩාත් පහසුකම් සැලසෙන අයුරින් ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

WhatsApp Image 2026 10 29 at 9.55.39 AM

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න