අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි (NR Consultancy) සමාගමේ ආයෝජනය කිරීමෙන්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන සිද්ධියට අදාළව, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබරවාරි 11 වන දින යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බැවින්, නීතිපති උපදෙස් සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි 11 වන දින යළි කැඳවීමටත්, එදිනට විමර්ශන කටයුතුවල ප්රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.
මිලියන 15ක මුදලක් සාපරාධී සාවද්ය පරිහරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින්, 2015/07/28 දින දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මූල්ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, නිත්යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන අයට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
නාමල් රාජපක්ෂ අද දින අධිකරණයට ගෙන ඒමට නියෝගයක් ලබා දී නොතිබුණු අතර, අනෙක් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ පෙනී සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
