පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී අද (29) නඩු පවරනු ලැබීය.
ඒ කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න හමුවේදීය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළව ලබන 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් අධිකරණය එම සමාගමට සිතාසි නිකුත් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධාන අංක 86 උල්ලංඝනය කරමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සැපයීමට මෙම සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා තිබුණි.
ඒ අනුව, එම නඩුව ලබන 11 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
