Language Switcher

V2025

රට විරුවන්ගේ ණය ප්‍රශ්නයට හෝ සහනයක් දෙන්න !

ඉතාලියේ සහ කොරියාවේ වෙසන ජනතාව වෙනුවෙන් මේ පිළිබඳව කතා කල යුතුමය. ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයකම දේශපාලඥයන් රජයේ වියදමින් ඉතාලිය / කොරියාව වැනි රටවලට විදේශ සංචාර වල නියෑලෙමින් රජයෙන් වෙන් කරන මුදල් සාක්කුවට දමාගෙන රටවල සිටින පාක්ෂිකයන්ගේ මුදල් වලින් යැපෙමින් සුරංගන කතා කියා විදේශ ගත ජනතාවගෙන් තවත් මුදල් කඩා ගනිමින් ආයෝජකයන් පවා හදුනාගෙන එම ආයෝජන මගින්ද කොමිස් ගසා තම බඩ කට පුරවා ගැනීම සිදු ජරන බව ප්‍රසිද්ද රහසකී.එහෙව් දේශපාලුවන් රැකියා නොමැතිව අසරණ වූ ඉතාලි/කොරියාව වැනි රටවල ජනතාව ගැන කිසිදු වචනයක් මේ වන තෙක් කියා නැත. නැට්ට දෙපල්ලේ ගසා ගෙන මහ මැති වරණයට සැරසෙමින් සිටින්නේ තවත් අවුරුදු පහක් උන්ට හම්බ කර ගැනීම උදෙසාය.

ඉතාලි රජය විසින් ආර්ථික සහන ලබා දුන්නත් විදේශ ගත අපට එම සහන ලැබෙන්නෙ ඉතා අඩුවෙනී. මේ වන විට ඉතාලිය/ කොරියාව වැනි රටවල ජීවත් වන ශ්‍රි ලාංකිකයන් බරපතල ආර්ථික ගැටලුවලට මුහුණ දි තිබේ. ඒ ගැන රජයක් හැටියට මේ වන තෙක් ශ්‍රී ලංකා රජය කිසිදු පියවරක් ගෙන නැත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට 50% ක දායකත්වයක් ලබා දෙන්නේ විදේශ ගත ශ්‍රමිකයන්‍ ය. විදේශ ගත ශ්‍රමිකයන් එවන විදේශ විනිමය තුලින් මේ තාක් කල් ශ්‍රී ලංකාවෙ දේශපාලුවන් සහ ආතක් පාතක් නැති රටට බරක් වී ඇති තක්කඩි යැපුනේ ‍ය.එහෙත් මේ වන විට ලෝක වසංගතයක් හමුවේ අවස්තාවාදී ජාතියකගේ හෙළුව  ලෝකයාටම විවර කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතාලිය/ කොරියාව වැනි රටවල් ලබා දෙන දායකත්වය හොදින්ම දන්නා පිරිසක් සිටී ඒ ශ්‍රී ලංකාවේ බැංකු බලධාරින් ය. නීතරම යුරෝපය පුරා කරක් ගහන රජයේ මුදල් වෙන් කරවාගෙන ඉතාලිය/ කොරියාව ඇතුළු වන බැංකු නිලධාරීන් පවා යැපෙන්නේ එම රටවල සිටින ඔවුන්ගේ බැංකු නිලධාරින්ගේ මුදල් වලිනි. දේශපාලුවන්ට වඩා එහා ගිය ගසා කැමක් මොවුන් සිදු කරන්නේ විදේශ ගත ජනතාවගේ ඔලුව අත ගා ටොකු ඇනිම තුලිනී. ගිනි පොලි යටතේ ණය ලබා දී විදේශ ශ්‍රමිකයන්ගෙන් හුරා කන් ශ්‍රි ලංකාවේ බැංකු විසින් මේ වන තෙක් කොරෝනා වසංගතය තත්වය හමුවේ අසරණ වූ ජනතාව වෙනුවෙන් ලබා දෙන සහනයක් ගැන මේ වන තෙක් කෙල පොදක් හෙළා නැත. එය ඉතා නින්දිත ලැජ්ජා සහගත තත්වයකි.

මෙම කොරෝනා වසංගතය පැතිරී යාම ආරම්භ වීමත් සමග ඉතාලි රජය සිදුකලේ අවදානම් කලාපවල සිටි ජනතවට ආර්තික සහන ලබා දිමයි. නිවාස ණය, විදුලි බිල්,ගෑස් බිල් ගෙවිම පවා තාවකාලිකව නතර කිරිම සිදු විය ඒ වගේම ජනතාව ලබා ගෙන තිබෙන වෙනත් ණය සදහා සහන කාලයක් ලබා දිමට කටයුතු කිරිම රජයක් වශයෙන් මැදිහත් වී සිදු කලේය.

එසේ සහන ලබා දුන්නත් රටේ ක්‍රියා කාරිත්වය මුළුමනින්ම කඩා වැටිමත් සමග ජනතාව මුහුණ දුන් ප්‍රදානම කරුන නම් රැකියා ප්‍රශ්නයයි.මෙය තදින්ම බල පා ඇත්තේ අප වැනි විදේශිකයන් හටය. ඉතාලිය කොරියාව වැනි රටවල රැකියා කරමින් ජිවත් වන බොහෝමයක් ජනතාව ස්ථිර රැකියා නොකර අතර ඔවු සිදු කරන්නේ තාවකාලික රැකියාය. එසේ තාවකාලික රැකියා සිදු කරන පිරිස් ඉතා අසරණ තත්වයකට පත්ව තිබේන්නේ ඔවුන්ට එම තාවකාලික රැකියා මේවන විට අහීමී වී තිබම මගිනී. මේ වන විට ශ්‍රි ලංකාවේ බැංකු නිලධාරීන් පැමිණ ගිනි පොලියට ණය ලබා දී එම ණය ගෙවා ගැනීමේ ගැටුව විශාල වශයෙන් විදේශ ගත ජනතාවට පැන නැගී තිබේ.ඔවුන්ට ප්‍රශ්නය වන්නේ අද නොව ඉදිරි මාස සදහා ණය වාරික ගෙවන්නේ කෙසේ ද කියා ය. මේ වන විට ඉතාලිය/ කොරියාව වැනි රට වල ජනතාව නිවාස අඩස්සියේ ගත කරයි.

රජයක් වශයෙන් මේ වන විට එම රට විරුවන් හට මව් රටට පවා ඒමට තිබෙන අයිතිය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ බව රජය  නිල වශයෙන්ම දන්වා තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් 16 ට කලින් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පොහොට්ටුවේ  රැලම රට විරුවන් පිළිගත්තේ ගුවන්තොටුපොළට ගොස් මල් මාලා දමාය. රාජපක්ෂ කුණු හෝදන මාධ්‍ය ලොන්ඩරි ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොද  ගත්තේය.එදා එසේ සිදු උවත් අද මෙසේ මව්බිම තහනම් කිරිමට ජාතියේ ගැලවුම් කරුවා යැයි කියා ගත් ගොඨභය ඇතුළු රජය කටයුතු කර ඇත.

අප අවධාරණය කරන්නේ රජයක් වශයෙන් මව් බිම තහනම් කල පාලකයන් සහ විදේශ ගත ජනතාවගේ බෙල්ල මිරිකා ණය උගුල් වල හසු කල බැංකු බලධාරීන් කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා නොමැතිව අන්ත අසරණ උන ඉතාලිය / කොරියාව වැනී රට වල සිටින ජනතාවට දෙන සහන මොනවාද කියා ප්‍රකාශ කල යුතු බවයි.මේ වන තෙක් රට විරුවන්ගෙන් සැප වාහන වල යන හෙලිකොප්ටර් වලින් යන සැප ගත්ත සහ සැප ගන්න කිසිදු දේශපාලුවේක් කෙල බිදක් හෙළා නැත.

නමුත් පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ඒ තුළින් සෘජු ආර්ථික අවධානමකට මුහුණදුන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු කරන උදවියට ණය සහන ඇතුළු ආර්ථික පසුබිම යළි සකස්වන තුරු ඔවුන්ව පීඩාවට පත්වීමෙන් වලක්වා ගන්නට විවිධ සහන දුන්නා අපට මතකය. එදා හිටපු මුදල් ඇමති මංගල ඒ සහන දෙනවිට අපි විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස ඊට අත් ඔසවා සහය පළකලා මතකය. එහෙත් අද කිසිවෙක් රට විරුවන් ගැන හොයන්නේ බලන්නේ නැත.

ජනතාවගේ දැවෙන ඇත්ත ප්‍රශ්නවලට පිළියම් දීම කෙසේ වෙතත් නමට පමනක් සිංහල බෞද්ධ කියා බොඩ් ගහගෙන ජන්දය මඩි ගහන හිවල් ආණ්ඩුවක් අපි ගැන කවදා හිතයිද ?

ලක්දේශ් විජේසිංහ - ඉතාලියේ සිට