
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බව මෙහි දී ජනාධිපතිවරයා පැවසී ය. උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කරන බවත්, එහි දී පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, දේශීය සැපයුම් දාම නගා සිටුවමින් අපනයනය මූලික කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
