මෑතකදී රටේ දැඩි අවධානයට ලක්වූ දේශපාලනික සහ නීතිමය සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ පද්ධතිය මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව පෙනේ.
හතරදෙනෙක් තවමත් නිදැල්ලේ
පසුගිය 25වන දා විජේදාස රාජපක්ෂ ගේ පුත‍්‍රයා සම්බන්ධ කාරණයේ දී ප‍්‍රබල දේශපාලන බලපෑම් හමුවේ වුව ද තමන් ගේ ඍජු තීරණ වෙනස් නොකළ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ගේ ක‍්‍රියාකලාපය මෙහි දී බොහෝ දෙනෙකු ගේ පැසසුමට ලක්ව තිබෙන බව පෙනේ. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිව සිටි කාලයේ දී අධිකරණ පද්ධතියට සහ විනිසුරුවරුන්ට තමන්ට අවශ්‍ය පරිදි බලපෑම් කිරීමට උත්සාහ කරන බවට බරපතළ චෝදනා එකල එල්ල විය. 25වන දා අධිකරණයේදී හෙළි වූ තොරතුරුවලට අනුව විජේදාස රාජපක්ෂ ගේ පුත‍්‍රයා ඇතුළු පිරිසක් ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බව අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති බව වාර්තා විය. මෙම සිද්ධිය පිළිබඳව අප වාර්තා කළේ 2023 වසරේ දී ය. මෙම මුදල් ගනුදෙනු සිදුව ඇත්තේ ප‍්‍රසිද්ධ අපරාධකරුවකු වන හරක් කටා නමැත්තා ගෙන් සිය ඇමති පියා හරහා යම් යම් පහසුකම් ලබා දීමට සහ අධිකරණය බලය අවභාවිතා කිරීමට බව අධිකරණයේ දී කරුණු අනාවරණය විය. කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළව විජේදාස රාජපක්ෂ, ටිරාන් අලස්, දේශබන්දු තෙන්ණකෝන්, සමන් ඒකනායක යනාදි ඇතැම් ඉහළ බලධාරීන්ට එරෙහිව තවමත් නිසි පියවර ගෙන නොමැති බව පෙනී යයි.
සමස්ත සමාජයේ ම වගකීම
25වන දා පැවති නඩුවේ දී සැකකාර විජේදාස රාජපක්ෂ ගේ පුත‍්‍රයා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් සියයකට ආසන්න පිරිසක් පෙනී සිටිනවා අප නිරික්ෂණය කළෙමු. මුදල් මත පදනම්ව වැරදිකරුවන් බව දැන දැනම ඔවුන් වෙනුවෙන් කොන්දක් නොමැතිව පෙනී සිටින මෙවැනි නීතිඥවරුන් සිටින රටක නීතියේ පාලනයක් බලාපොරොත්තු විය නොහැකි බව කිව යුතු ය. අතීතයේ නාමල් රාජපක්ෂ සම්බන්ධ විභාග වංචා චෝදනා පැවති සමයේ ද මෙවැනි ම ආකාරයේ දේශපාලන මැදිහත්වීම් සහ නීතිඥ සංගම් මට්ටමින් සිදුවූ දේශපාලන සබඳතා හරහා සිදු වු නීතිය අවභාවිතා කිරිම් අපට මතක ය. ප‍්‍රබල දේශපාලනඥයින්ට සහ ඔවුන් ගේ හිතවතුන්ට එරෙහිව ඍජු තීරණ ගන්නා විනිසුරුවරුන් ගෙන් පසුව පළිගැනීමේ ප‍්‍රවණතාවක් පවතින බවද පෙනී යයි. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස අතීතයේ රන්ජන් රාමනායකට මුහුණ දීමට සිදු වූ සිදුවීම බව කිව යුතු ය. ලංකාවේ නීතිඥයින් සහ අධිකරණ පද්ධතිය දුෂිත බවට රන්ජන් රාමනායක එදා ප‍්‍රකාශ කළේ ඇත්ත කතාවක් වන අතර එය වඩාත් තදින් ජනතාවට දැනෙන ලෙස පැවසීම හේතුවෙන් අවසානයේ ඔහුට සිරගත වීමට සිදු විය. එබැවින් දේශපාලනඥයින් ගේ අනිසි බලපෑම්වලට යටත් නොවී කොන්දක් ඇතිව තීන්දු ලබාදෙන මහේස්ත‍්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් ආරක්ෂා කර ගැනීම සමස්ත සමාජයේම වගකීමකි.
ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව
තවද දේශපාලනඥයන් සහ ප‍්‍රභූන් අධිකරණයෙන් බේරීම සඳහා ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ සිරිතක් පවතින අතර ඇතැම් විනිසුරුවරුන් ඒවා දැන දැනම පිළිගන්නා බව ද කිව යුතු ය. මීට පෙර රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධ සිදුවීමක දී ද එවැනි වෛද්‍ය වාර්තා පිළිබඳව රජයේ අධිනීතිඥවරයා දිගින් දිගට ම කරුණු දැක්වුව ද විනිසුරුවරයා අදාළ වෛද්‍යවරුන් අධිකරණයට කැඳවා ප‍්‍රශ්න කිරීමට කටයුතු නොකළ බව ද කිව යුතු ය. දේශපාලනඥයින්, ඇතැම් දුෂිත විනිසුරුවරුන් සහ නීතිඥවරුන් එක්ව රටේ අපරාධ රැල්ලට පසුබිම සකසන අතර මෙම තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා නීතියේ පාලනය වෙනුවෙන් සමස්ත ජනතාව ම පෙළගැසිය යුතු බව කිව යුතු ය. එමෙන්ම ලංකාවේ වර්තමාන දේශපාලන සහ සමාජයීය වටපිටාව දෙස බැලීමේදී අපරාධකරුවන් සහ දුෂිත දේශපාලනඥයන් නීතියෙන් බේරීම සඳහා වෛද්‍ය වාර්තා වලට විවිධ උපක‍්‍රම භාවිත කරන ආකාරය පැහැදිලිව දැකගත හැකිය. එහිදි අධිකරණය හමුවට පැමිණවීමට නියමිත දුෂිත පුද්ගලයන් සහ ඔවුන්ගේ හිතවතුන් නීතිමය ක‍්‍රියාමාර්ග මඟහැරීම සඳහා අවසන් මොහොතේ ව්‍යාජ සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිරිතක් බවට දැන් දැන් පත් වෙමින් තිබේ. ඇතැම් දේශපාලනඥයන්ගේ හිතවතුන් අධිකරණය මගහැරීමට ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තාවල අවුරුදු 60 පැන්නාම වැලඳෙන සියලු ම රෝග වැලඳී ඇත යනාදි ලෝකයේ කිසිදු පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක නිර්ණායකයකට අනුකූල නොවන කරුණු ඇතුළත් වන බව මෙහි දී පිළිකුලෙන් යුතුව සඳහන් කළ යුතු ය. ඇතැම් නීතිඥවරුන් ද සිය සේවාදායකයින් බේරාගැනීම වෙනුවෙන් ඕනෑම පහත් සහ කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක නිරත වීමට සූදානම්ව සිටින බව වර්තමාන සිදුවීම්වලින් පැහැදිලි වේ.
අපරාධකරුවන් ආරක්ෂා කරන පොලිසිය
කෙසේ වෙතත් අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේ සිටින සියලු ම නීතිඥයින් හෝ විනිසුරුවරුන් මෙලෙස දුෂිත නොවන බව ද මෙහිදී මතක් කළ යුතු ය. අතීතයේ සිටි විජයදාස ලියනාරච්චි මෙන්ම වර්තමානයේ ද තමන් ගේ වෘත්තීය ගරුත්වය කෙලෙසා නොගෙන සාධාරණත්වය වෙනුවෙන් කොන්දක් ඇතිව ඍජුව පෙනී සිටින නීතිඥයින් සහ විනිසුරුවරුන් සිටින බව අමතක නොකළ යුතු ය. රට තුළ ක‍්‍රියාත්මක වු ප‍්‍රධාන පෙළේ අපරාධ සහ මනුෂ්‍ය ඝාතන රැල්ල පිටුපස දේශපාලනඥයින් ඇතැම් දුෂිත විනිසුරුවරුන් මෙන්ම පොලිස් නිලධාරීන් ද සිටි බව අමුතුවෙන් කිව යුත නැත. උදාහරණයක් ලෙස මහනුවර ප‍්‍රදේශයේ තරුණියක ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් චූදිත අපරාධකරු ආරක්ෂා කිරීමට එම ප‍්‍රදේශයේ ම පොලිස් ස්ථානාධිපතිවරයකු කටයුතු කර ඇති බව හෙළි වී තිබේ. එමෙන්ම හරක් කටා වැනි මහා පරිමාණ අපරාධකරුවන්ට සිරගෙවල් තුළ ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට සහ ආයුධ පෙන්වීමට රැගෙන යාමේදී සිදුවන ඝාතනවලින් බේරීමට නම් බලධාරීන්ට කෝටි ගණනින් අල්ලස් දීමට සිදුවන කනගාටුදායක යථාර්ථයක් රට තුළ නිර්මාණය වී ඇත.
ජනතාව ම එක්ව අරගල කළ යුතුයි
පවතින මෙවැනි දුෂිත වටපිටාවක් තුළ වුව ද කොටුව මහේස්ත‍්‍රාත්වරයා වැනි විනිසුරුවරුන් දේශපාලන බලපෑම් හමුවේ දණ නොගසා කොන්දක් ඇතිව නීතිය ක‍්‍රියාත්මක කරමින් රඛිත රාජපක්ෂව සහ චරිත්ව රක්ෂිත බන්ධනාගාරගත කරවා ඇප ප‍්‍රතික්ෂේප කිරිම සමස්ත සමාජයටම විශාල ආදර්ශයකි. විජේදාස රාජපක්ෂ බඳු දුෂිත දේශපාලනඥයින්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට එරෙහිව රට තුළ සැබෑ නීතියේ පාලනයක් බිහි කරගත හැක්කේ සමස්ත ජනතාව ම එක්ව කරන අරගලයකින් පමණක් බව අවධාරණය කළ යුතුය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
