නාම යෝජනා නීත්‍යානුකූල නෑ : යළිත් කැඳවන්න - රජිත් කීර්ති

නාම යෝජනා නීත්‍යානුකූල නෑ : යළිත් කැඳවන්න - රජිත් කීර්ති

රජයේ නිවාඩු දින 03 ක බාරගත් නාම යෝජනා සියල්ල නීත්‍යානුකුල නොවන බැවින් මනාප අංක ලබාදීමට පෙර මෙම නාම යෝජනා අහෝසි කොට අලුතෙන් නාම යෝජනා කැදවිය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.

 ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

රජිත් කිර්ති තෙන්නකෝන් එම නිවේදනය නිකුත්කර ඇත්තේ, නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට අද (මැයි 04) දැනුම් දී ඇති තත්වයක් තුලය.

ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම  නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි. 

‘නාම යෝජනා කාර්ය පටිපාටිය‘ උල්ලංඝනය වෙලා !

ඒ අනුව රජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ, මහ මැතිවරණය නාම යෝජනා බාර ගැනීම සිදු විය යුත්තේ ‘නාම යෝජනා කාර්ය පටිපාටිය‘ ට අනුව බවයි. නමුත්, ඉතා පැහැදිලිව ජූනි 30 ට දින නියම කොට ඇති මහ මැතිවරණයේ මේ කාර්ය පටිපාටිය උල්ලංඝනය වී ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

සරළව ඒ මෙසේය.

1. කෝවිඩ් පැතිරීම ඇරඹීමත් සමගම වාගේ නාම යෝජනා බාර ගැනීම ද සිදුවිය. මාර්තු 15 වන විට තත්වය බරපතල වූ බැවින් මාර්තු 16 දින 1971 ජනරජ නිවාඩු පනතට අනුව (තේරෙන භාෂාවෙන් ෂෙකන්ඩ් ෂෙඩුයිල් එකේ) නිල නිවාඩුවක් බවට පත් විය. කිසිදු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියෙකු එදින නාම යෝජනා ගත්තේ නැත.

2. මැතිවරණ කොමිසම නිවේදනය කළේ මාර්තු 17, 18 සහ 19 උදේ 8.30 සිට 12 දක්වා නාම යෝජනා බාර ගන්නා බවයි. 1981/1 මැතිවරණ පනතේ අංක 10. 2 ආ .ii වගන්තියට අනුව නාම යෝජනා බාර ගත නොහැකිය. 

ඒ අනුව, මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් දුන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව හරහා සිදු කරන නාමික නිවේදනයකින් (ලියුමක්) නිවාඩු ප්‍රකාශයට පත් කොට නාම යෝජනා බාර ගැනීමටය. ඒ ගැන නිවේදන 2 ක් ද නිකුත් විය. 

Latter K news 2020.05.04

3. රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වෙනත් කොහෙදෝ රැස්වීමක දී ගත් තීරණයක් අනුව ඒ සියල්ලට පටහැනිව 1971 නිවාඩු පනත අනුව මාර්තු 17, 18, 19 රජයේ නිල නිවාඩු දින බවට පත් කරන ගැසට් පත්‍ර පළ කළේය. එකක් නොව ගැසට් පත්‍ර 3 ක් ම ගසා ඇත. මෙය රහසේ කළ වැඩකි. එහි අරමුණ වුනේ සෞඛ්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩලවලට නිවාඩු දින දීමනාව (හොලිඩේ පේ) ගෙවීමය.

4. රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශය තම ගොඩනැගිල්ලේ උඩ තට්ටුවෙන් පහතට තට්ටුවට මාරුවක් කරන්නටත් අදාළ සෑම පාර්ශවයකින්ම ලියුම් ගසා විමසයි. නමුත්, ඇමතිවරයා නාම යෝජනා බාරගත් දින රජයේ නිවාඩු දින බවට ගැසට් 3 ගහන්නට පෙර අදාළ කිසිදු පාර්ශවයකින් මේ ගැන ඇසුවේ නැත. රාජ්‍ය සේවයේ, දේශපාලනයේ අත්දැකීම් ඇති අයෙකු ගේ වෘත්තීය භාවයක් ක්‍රියාත්මක වූයේ නැත.

5. මාර්තු 16 දින නාම යෝජනා බාර දෙන්නට සුදානම් වූ පිරිසට රජයේ නිවාඩු දිනයක් නිසා නාම යෝජනා දුන්නේ නැත. රජයේ නිවාඩු දින යැයි කියූ නිසා නාම යෝජනා දෙන්නට සිටි අය (දුරකතන දත්ත තිබේ) නාම යෝජනා දුන්නේ නැත. 

නාම යෝජනා කාර්ය පටිපාටියට අනුව, කිසි ලෙසකින් හෝ නාම යෝජනා බාරදීමට කිසි කළ නොහැකි දිනෙක පක්ෂ ගණනාවක් දැන් නාම යෝජනා බාර දී ඇත. සත්‍යය නම් දැන් ප්‍රකාශයට පත් වී ඇති, මනාප අංක සකස් කොට ඇති, නාම යෝජනා සියල්ලම ‘සෙල්ලම් නාම යෝජනා‘ බවට පත්වීම ය.

6. මේ වරට දැන් නිවැරදි කළ නොහැකි මට්ටමකට පත්වී ඇත්තේ වෛද්‍යවරුන්, පී.එච්.අයි. ඇතුළු පිරිසක් මේ වන විටත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාගේ නිවේදනයට අනුව මේ වන විට නිවාඩු දින වැටුප් ලබා ඇති බැවිනි.

7. ඉස්පිල්ලක්, පාපිල්ලක් වැරදුනාම, නාම යෝජනා බාර දෙන විට ලග ඉන්න අයෙකුගේ අත ගෑවුනාම, රබර් මුද්‍රාව නැති වුනාව, දිවුරුම් කොමසාරිස්ගේ අත්සන, දිනය වෙනස් වුනාම නාම යෝජනා ප්‍රතිකේෂප කරපු රටක, නීතියට අනුව නාම යෝජනා ප්‍රතිකේෂප කළ යුතු රටක, 1981 අංක 1 මැතිවරණ පනතේ අංක 10. 2 ආ .ii වගන්තියට උල්ලංඝනය වී ඇති අවස්ථාවක ‘සෙල්ලං නාම යෝජනා අනුව මහා මැතිවරණයක් පැවැත්විය හැකිද?

8. මැතිවරණ කොමිසම බාරගත් නාම යෝජනාවක් ඔවුන්ට දැන් ප්‍රතිකේෂප කළ නොහැකි යැයි තර්ක කල හැකිය. දැන් පුරවැසියන්ට, සංවිධානවලට අධිකරණයට ගොස් ප්‍රශ්නය විසදා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

‘සෙල්ලං නාම යෝජනාවෙන් සෙල්ලං පාර්ලිමේන්තුවට වැඩි දෙයක් නොලැබෙන බව නම් පැහැදිලිය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න