මිහින්තලේ පූජා භූමියේ ඉඩම් කොල්ලයක් !

මිහින්තලේ පූජා භූමියේ ඉඩම් කොල්ලයක් !

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්වී මිහින්තලේ පූජා භූමියේ ඉඩම් කොල්ලකා මුදලට අලෙවි කිරීමේනිරත බව මිහින්තලා රජ මහා විහාරාධිපති භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

මිහින්තලා රජ මහා විහාරස්ථානයේ දී රාජ්‍ය අංශවල ප්‍රධානීන් සමග පෙරේදා (20 ) පැවැති පොසොන් කමිටු රැස්වීමේදී උන්වහන්සේ එබව සඳහන් කළහ.

වහාම රජයේ ඉඩම් විකිණීම නතර කළයුතු බව උන්වහන්සේ එහිදී අවධාරණය කර සිටියේය.

''මිහින්තලය ප්‍රාදේශීය ලේකම් බල සීමාවේ පිහිටි ඉඩම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්වි අඩි 5-10 කෑලි මුදලට අලෙවි කරනවා. රුපියල් ලක්ෂ හතර පහ බැගින් වූ මුදල්වලට ඔවුන් ඒවා අහිංසක මිනිස්සුන්ට ලබා දෙනවා. මේ කිසිවක් නොදන්න මිනිස්සු එම ඉඩම් මිලදී ගන්නවා.

මේවාට ගැටලූ පැනනැගුණාම ඒ මිනිස්සුන්ට අධිකරණවල පිහිට පතන්න වෙනවා. මේ මන්ත්‍රීවරුන් කරන වැඩෙන් මේ රටේ රාජ්‍ය නායකයන් අපකීර්තියට පත්වෙනවා. මේ අයට කියන්නේ වසර හතර පහකට ජනතා සේවයට ආපු සභිකයෝ කියලා. ඔවුන්ගේ ජනතා සේවය මේකද?''කියා උන්වහන්සේ රාජ්‍ය නිලධාරීන් හා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා හමුවේ විමසා සිටියේය.

 මට තනියම නවත්වන්න බෑ - සභාපති 

මෙම අවස්ථාවට සහභාගිවී සිටි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද එම අවස්ථාවේදී මෙසේ පැවසිය.

''මම මේ වැඩවලට තදින්ම විරුද්ධයි. නමුත් මන්ත්‍රීවරු 17ක් ඉන්න ප්‍රාදේශිය සභාවේ තනිමට මේවා වළක්වන්න බෑ. මේ වන විට මිහින්තලය නගරයේ විශාල ඉඩම් කොල්ලයක් සිදුවෙනවා. මේවා නවත්වන්න ඕනෑ. අපි අවුරුදු හතරකට පත්වුණු මන්ත්‍රීවරු. අපි ආත්මගරුත්වය රැකගෙන වැඩ කරන්න ඕනෑ.''

(මුලාශ්‍රය - lankaleadnews. com)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න