කුවේට්වලින් එවනකොට කොවිඩ් තිබුණේ නෑ - කුවේට් හී ලංකා තානාපති

කුවේට්වලින් එවනකොට කොවිඩ් තිබුණේ නෑ - කුවේට් හී ලංකා තානාපති

කුවේට් රජය විසින් මෙරටට ගෙන්වා  දෙන ලද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ කුවේට් හි ශ්‍රී ලංකා තානාපති යූ.එල්. මුහම්මද් ජවුහාර්  මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඒ අනුව  කුවේට් හී ශ්‍රී ලංකා  තානාපතිවරයා සඳහන් කරන්නේ මෙරටට ගෙන්වන ලද ශ්‍රී ලංකික ශ්‍රමිකයින් කිසිවෙකුටත්, එරටින් පිට කරන තුරු කොරෝනා වෛරසය ආසාදනය වී නොතිබුණු බව ය.

අරාබි ටයිම්ස් උපුටා දක්වමින් lanka truth වෙබ් අඩවිය මේ සම්බන්ධව වාර්තා කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

කුවේට් රජය ඔවුන්ගේ වියදමින් ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිස මෙරටට ගෙන්වා දුන් අතර එරටින් මෙරටට පැමිනීමට පෙර ඔවුන්ට කොරෝනා වෛරසය වැලඳී ඇත්දැයි පරීක්ෂ්කාළ බවත් එහිදී සිව් දෙනෙකු රෝගී තත්වයෙන් පසු වූ බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට නොඑවූ බවත් එම සිව් දෙනොගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් කුවේට් හි ශ්‍රී ලංකා තානාපති පවසා ඇත.

එහෙත් පසුගියදා මෙරට හිටපු විදුලිබල රාජ්‍ය ඇමතිවරයෙකු මෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන මහින්දානන්ද අලුත් ගමගේ  රූපවාහිනී දේශපාලන වැඩසටහනකදී සඳහන් කර සිටියේ කුවේට් රජය විසින් ලංකාවායට බෝම්බයක් ගැසූ බවයි. 

කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස තෝරාගෙන එම පිරිස පමණක් ලංකාවට ගෙනත් දැමීමට කුවේට් රජය කටයුතු කර ඇති බවත් එහිදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා  පැවසීය.

එම ප්‍රකාශයත් සමග විවිධ ප්‍රවෘත්ති පැතිර ගිය නමුත් කුවේටයේ ශ්‍රී ලංකා තානාතපති යූ.එල්. මුහම්මද් ජවුහාර්  තත්වය පැහැදිලි කරමින් පවසන්නේ එරටින් මෙරටට ගෙන ආ ශ්‍රී ලංකිකයින් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයින් නොවූ බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න