කඩවත - මීරිගම අධිවේග මාර්ගයෙන් ජොනී වැඩ අරඹයි !

කඩවත - මීරිගම අධිවේග මාර්ගයෙන් ජොනී වැඩ අරඹයි !

අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් වැඩ ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය  ජොන්ස්ටන් ප්‍රනාන්දු  පවසයි. වැඩ ආරම්භ කිරීමට මූලික අත්තිකාරම් මුදලද ඊයේ (25) ගෙවූ බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

ටෙන්ඩර් ප්‍රධානය කර තිබුණත් වසර 05 ක් තිස්සේ යහපාලන රජයේ අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් වහාම අරම්භ කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා විසින් මහාමාර්ග අමාත්‍යශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරිට උපදෙස් ලබා දී ඇත.  මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම වෙනුවෙන් මූලික අත්තිකාරම් මුදල වන කොන්ත්‍රාත් මුදලින් 15% ක් දේශීය අරමුදල් වලින් ගෙවිය යුතුය.

එම අත්තිකාරම් මුදල් වන රුපියල් බිලියන 16.67 ක් ඊයේ 2020.08.25 දින කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලදී.  මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි පලල මීටර 24.4 ක් වන අතර මන්තීරු හතරකින් සමන්විතය. ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි.

මේ සදහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි. පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර  ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 කපමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය. 

පසුගිය රජය විසින් ප්‍රමාද කරන මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකරන බවත් යහපාලන රජයේ අදූරදර්ශි අකාර්යක්ෂම  හා අක්‍රමවත් පාලනය නිසා වැඩ ආරම්භ නොකල හේතුවෙන් වැඩිපුර මුදල් පවා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා ගෙවීමට සිදුවී ඇති බවද අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.වැඩිපුර ගෙවන හැම රුපියලක්ම ජනතා මුදල් බවත් අමාත්‍යවරයා පැවසීය.

විවිධ අවස්ථාන්වලදී මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පවා  මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන බවට යහපාලන ඇමතිවරුන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නොමග යැවූ බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම  ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවද අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් ගත වුවත් වසර 3 ක් ඇතුලත මෙහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බව අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න