20 නිසා නැතිවෙන 17ක් !

20 නිසා නැතිවෙන 17ක් !

මේ වන විට දැන් ගැසට් කර ඇති, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව කරුණු 17 ක් උපුටා දක්වමින්  ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි යනුවෙන් අවධාරණයක් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සිදුකර ඇත.

ඊමේල් සටහනක් නිකුත්කරමින් ඔහු ඒ බැව් සඳහන් කරන අතර නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරි බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනූව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කර දක්වන කරුණු 17 මෙසේය.

1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම

2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර  සිවිල් පුරවැසියන් ඉවතට

3.    විගණන සේවා කොමිසම ඉවරයි.  නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ.

4.    ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි

5.    පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති අතට

6.    නීතිපති පත් කිරීම නැවතත් සම්පූර්ණයෙන්ම ජනපති අතට

7.    ඇමති මණ්ඩලයේ 30 සීමාව ඉවතට (කැමති ඇමතිවරු සංඛ්‍යාවක් පත් කිරිමේ බලය ජනපතිට)

8.    රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40 සීමාව ඉවතට (ජනපතිට කැමති රාජ්‍ය/නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක්)

9.    පාර්ලිමේන්තුව රැස්වී අවුරුද්දකට පසු විසිරුවාහැරීමේ අවස්ථාව

10.   හදිසි පනත් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාව

11.   මැතිවරණ කොමිෂන් සභාවේ කොන්ද කඩයි. (රාජ්‍ය නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ බලය සහිත 104 උ වගන්තිය ඉවතට)

12.  ජනාධිතිවරයෙකු වීමට අවම වයස 35 සිට 30 දක්වා අඩු කෙරේ

13. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ වැඩ බැලීමේ පත්වීම් ජනාධිපති අභිමතයට

14. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය ජනාධිපතිට

15. පොලිස් කොමිෂන් සභාවේ බලය අඩු කර ඇත

16. 153 වගන්ති ඉවත් කිරීම - අතිශයින් විනාශකාරීවීම හා රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයින් හා එක්ව සිතු සේ කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

17.  91 (1)    XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව ට වන කොටස ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය.

රජිත් කිර්ති තෙන්නකෝන්

හිටපු ආණ්ඩුකාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න