ඉදිරියේ දී කොළඹ ජාතික රෝහලෙනුත් PCR පරීක්ෂණ

ඉදිරියේ දී කොළඹ ජාතික රෝහලෙනුත් PCR පරීක්ෂණ

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ.

ඒ අනුව දෛනික සැත්කම් සදහා පොරොත්තු ලේඛණවල සිටින රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන අතර, හේමාස් ආයතනය විසින් සිදු කළ මෙම පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ඇගයීමට ලක් විය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ හේමාස් රෝහලේ සභාපති මූර්තාසා ඊසුෆ්ලි මහතා (Mr. Murtaza Esufally), හේමාස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන විධායක නිලධාරි කස්තුරි විල්සන්  සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.

මෙම පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්. කුමාර වික්‍රමසිංහ, ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර ඇතුලු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න