ආණ්ඩුවේ යකඩත් උණුකරමින් - ඉහළ නිලධාරියෙකුගේ අතිශය සමීපතමයකුට වටිනා ත්‍යාගයක් !

ආණ්ඩුවේ යකඩත් උණුකරමින් - ඉහළ නිලධාරියෙකුගේ අතිශය සමීපතමයකුට වටිනා  ත්‍යාගයක් !

කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ආණ්ඩුවේ ඉහළම නිලධාරියකුගේ අතිශය සමීපතමයකුට ලබාදුන් ත්‍යාගයක් සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් සහ ව්‍යාපාරික සගයන් අතර දැඩි අවධානයක් යොමුව ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අදාළ ත්‍යාගය වන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 150ක් පමණ වටිනා සුඛෝපභෝගී නිවසකි.  

මේ සම්බන්ධව අවධානය යොමුකර ඇති ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ ව්‍යාපාරික සගයන් විමසමින් සිටින්නේ අල්ලසක් ලෙස සැලකිය හැකි මෙම සැකසහිත ගනුදෙනුවට අදාළ බුද්ධි වාර්තා ආණ්ඩුවේ ඉහළම පාර්ශව වෙත නොලැබීම සම්බන්ධවය.

"බුද්ධි අංශ නිහඬද ?" ඔවුන් එකිනෙකාගෙන් විමසමින් සිටින බවත් වාර්තා වෙයි.  

ඇතැම් දේශපාලනඥයන්  මේ ව්‍යාපාරිකයා හඳුන්වන්නේ  මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ පවුලේ හිතවතෙකු ලෙස පෙනී සිටිමින් ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර කිරීමට ගොස් ආණ්ඩුව අපකීර්තියට පත්කළ බවත් පසුව යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකු සමග එකතුව  BOI ව්‍යාපෘති තුළ රිංගා තම ව්‍යාපාර කටයුතු කරගත් යකඩයෙක් ලෙසය.   

එසේම  මහින්ද ජනාධිපති පාලන සමයේ ඇතැම් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් දැමු ගෝනි සෙල්ලම් හේතුවෙන් එම ආණ්ඩුවට එල්ලවූ අපවාද සිහිපත් කරන එම පිරිස් ගෝඨාභය පාලන සමය කෙසේ හෝ එවැනි අපවාද වලින් රැකගත යුතු බවටද සාකච්ඡා කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න