පාසැල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ සැලසුම සජිත් අගයයි : බොරු රැඟිලි නිහඬයි !

පාසැල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ සැලසුම සජිත් අගයයි : බොරු රැඟිලි  නිහඬයි !

අද ආණ්ඩුව පාසල් යන වයසේ පසුවන ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා (Sanitary Pads) ලබා දීමට සැලසුම් කළත් තමන් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මේ පිළිබද සදහන් කරද්දී ආණ්ඩුවේ ඇතැමුන් එය සමච්චලයට ලක් කොට පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කෙසේවුවද ආණ්ඩුවේ සැලසුම සම්බන්ධයෙන් ප්‍රසංසා කරන බවද ඔහු  කියා සිටියි.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර සිටියේ  විපක්ෂ නායක කාර්‍යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවට එක්වෙවෙමිනි.
 
දරිද්‍රතාව හේතුවෙන් කාන්තාවන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා බරපතළ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.
 
bandu samarasinghe

image e56ed52684

 
බොරු රැඟිලි නිහඬයි !
 
කෙසේ වුවත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස සියලු කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා ආණ්ඩුව විසින් නොමිලේ ලබාදෙන ප්‍රතිපත්තියක් යෝජනා කල අතර එහිදී විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට සහය දැක්වූ පිරිස් ඔහුව පෑඩ් මෑන් ලෙස නම් කරමින් දරුණු සමච්චලයකට ලක්කරනු ලැබිණ.
 
 සංජීවනී වීරසිංහ වැනි ගායිකාවන් සහ නිලියන් , බන්දු සමරසිංහ වැනි නළුවන්  සිය ජනප්‍රියත්වය යොදා සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාගේ ඉදිරිගාමී යෝජනාව අර්ථ විකෘති කරමින්  ජනතාව නොමග යවනු ලැබු නමුත් දැන් නිහඬය. එදා විරෝධය අද නැත. එයින් පෙන්නුම් කරන්නේ කුමක්ද සිතීම ඔබට බාරය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න