ආණ්ඩුව භුමිදානයට ඉඩදීම ජනවරම නැති කිරීමක් බවත් 2024 ජනාධිපතිවරණයේදී මුස්ලීම් ජන්ද අපේක්ෂාවක් ඒ තුළ ඇති බවට තමන් හිතන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.
ඔහු මේ චෝදනාව එල්ලකර සිටියේ ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.
ආණ්ඩුවේ ජනවරම උදුරා ගැනීම සඳහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇති බවත් ගොං තකතීරු වැඩ නොකරන ලෙස ආණ්ඩුවට දන්වන බවත් ඔහු පැවසීය.
මේ අතර ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය විසින් ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වී තමා විසින්ම පැනවූ නීතියක් වෙනස් කිරීමට උත්සහා කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ජාතික සංවිධාන වල මතය විමසු විට ඔහු දැක්වූ අදහස් වාර්තා කර ඇත.
ඒ “ ඉස්ලාම් ආගමික අන්තවාදීන් සැම විටම ඇස් යොමු කරමින් සිටින්නේ තම සංවිධානවල සාමාජික සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා කුමන හෝ ගැටුමක් කරලියට පැමිණෙන තුරුයි.ඊට සමගාමීව මුස්ලිම් තරුණයන් සහ මහා සමාජය අතර ගැටුම් නිර්මාණය කිරීම ඔවුන්ගේ දෙවන අරමුණ බව ඉතා පැහැදිලියි. ඒ සියල්ලට අමතරව ආණ්ඩුව අමාරුවේ දැමීමට එනම් බහුතර සිංහල ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමත් ඔවුන්ගේ අරමුණයි. එම ක්‍රියාවලිය ඇතුළේ හතරගාතෙන් වැටී සිටින විපක්ෂයට මහා දේශපාලන ඉල්ලමක් පහළ වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ජනවරම ආපසු උදුරා ගැනීමටත් මනරම් අවස්ථාවක් නිර්මානය වෙනවා. ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වෙලා පළමු විද්වත් කමිටුව මගින් ලබාදුන් නිර්දේශ සහ ඒ අනුව පැනවූ නීතිය වෙනස් කිරීමට නව කමිටුවක් පත් කිරීම නිසා විපක්ෂයට එම වාසිය ලැබෙන බව පේනවා.අධිකරණය මගින් එම ප්‍රශ්නය විසඳා තිබියදී සහ විද්වත් කමිටුවකින් නිර්දේශ ලබා දී තිබියදී සහ ඊට අදාලව නිර්දේශ පනවා තිබියදී අන්තවාදී බලවේග වලට යටවී නීතිය වෙනස් කිරීම ගොන් තකතීරු වැඩක්” යනුවෙනි.

