කැටිපේට මඩ ගැසූවන්ට රෙදි නැති වෙයි : පැමිණිල්ල CID යේ !

කැටිපේට මඩ ගැසූවන්ට රෙදි නැති වෙයි : පැමිණිල්ල CID යේ !
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දේශපාලනඥයකු වන විමල් කැටිපෙආරච්චි ඉලක්ක කර මඩ වෙබ් අඩවි කිහිපයක් සහ තුට්ටුදෙකට සමාජ මාධ්‍ය තුළ හැසිරුණු කිහිපදෙනකු මැදිහත්ව ප්‍රචාරය කළ පුවතක් සම්බන්ධව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
 
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන  අසභ්‍ය වීඩියෝ පටයට අදාල පුවත තුළ   වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන තම  ඡායාරූපයක් අවභාවිත කර ඇති බවය.
 
එසේම තම අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇති බවත් එකීීී පැමිණිල්ලේ ඔහු සඳහන් කර තිබේ.
 
මේ සම්බන්ධව විමල් කැටිපෙආරච්චි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.
 
ketape
 
අධ්‍යක්ෂ ,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,
කොළඹ .
 
වෙබ් අඩවියකින්  කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.
 
              mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ' යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත. 
 
        ඊට අමතරව මාගේ එම පුවතේ සඳහන් වාහනය  හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
 
        එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
 
                                                            මෙයට විශ්වාසී
                                                            විමල් කැටිපෙආරච්චි
 
මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සිදුකළ පැමිණිල්ලට අදාළ පුවත පහත දැක්වෙයි.
 
maubima 977
 
මේ අතර අදාළ සාවද්‍ය පුවත සිය ෆේස්බුක් ගිනුමේ බෙදාගත් කිහිපදෙනකු වෙතින් අප කළ කරුණු විමසීමේදී ඔවුන් කිහිපදෙනකු සමාජ ජාල අවධානය ලබාගැනීමට මිස සිදුවීම සම්බන්ධව කිසිදු වැඩිදුර තොරතුරක් දැන නොසිටි බවත් තහවුරු විය.
 
මේ අතර මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් තමන් ඉලක්ක කළ සාවද්‍ය ප්‍රචාරය සම්බන්ධව හෙට (05) මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න