සීනි බදු වංචාව ගැන CIDයට පැමිණිල්ලක් !

සීනි බදු වංචාව ගැන CIDයට පැමිණිල්ලක් !
මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීමත් එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
 
මෙම පැමිණිල්ල අද (04) දින පෙ.ව. 11.00ට ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහගේ සහ නීතිඥ සුනිල් වටගලගේ සහභාගිත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න