රන්ජන් මන්ත්‍රීට චාන්ස් එකක් !

රන්ජන් මන්ත්‍රීට චාන්ස් එකක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට  ශ්‍රේෂ්ඨාධිකරණ   ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයෙන් ඒකමතිකව අද (12) සිව්වසරක සිර දඬුවම් නියම කළ නමුත් ඒ  ලැබුණු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මණ්ඩලයකට අභියාචනය කිරීමේ අවස්ථාවක් ඔහුට ඇති බවත් එහිදී අදාළ  තීන්දුව ස්ථීර වුවහොත් මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවධානමක් ඇති බව නීති ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙර තීන්දුව වෙනස් වුවහොත් මන්ත්‍රී ධුරය නැවත  ලැබීමටද ඉඩ ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඔහුට එරෙහිව එල්ලවී තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එම චෝදනාවට ඔහුව වරදකරු කර ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබූවේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විණිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය විසිනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ සඳහන් කර ඇත්තේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබේ.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබිණි.

කීයටවත් සමාව ඉල්ලන්නේ නෑ - රන්ජන් 

මේ අතර තමන් කිසිදිනෙක සොරකම් කර හෝ වංචා කර නොමැති බවත්, පිල්ලෙයාන් එළියට දැමූ ආණ්ඩුව තමන් ඇතුළට දැමීමට පියවර ගත් බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසා ඇති අතර ඒ අද ඔහුව බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේය.

නමුත් ආණ්ඩුව පළවා හරින තුරු තමන් සටන නොනවත්වන බවද ඔහු පවසා තිබේ.

ආණ්ඩුව පිල්ලෙයාන් එළියට දාලා මාව ඇතුළට දැම්මා…

දූෂිත ආණ්ඩුව පලවා හරිනකම් සටන නවත්වන්නේ නෑ…

මම පඩි සල්ලිත් ජනතාවට බෙදුවා….මේ හොරකම් කරලා කුඩු විකුණලා නෙමෙයි…

කුඩුකාරයො ගැන කිව්වා කියලා තමයි මාව හිරේ දාන්නේ…

මම කීයටවත් සමාව ඉල්ලන්නෙත් නෑ…

කියපු කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නෙත් නෑ… යනුවෙන්ද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න