Language Switcher

V2025

කොරෝනා කාලේ VIP සාද : එක රටයි - නීති දෙකයි !

කෝවිඩ් මර්ධන ගැසට් නිවේදනයට අනුව  සාදයක් හෝ උත්සවයක්  පැවැත්වීමේදී පිළිපැදිය යුතුකරුණු කාරනා  රැසක් දැනුම් දී ඇතත්, යුක්‍රේන සංචාරකයින්ට හෝ මෙරට ඉහලම ප්‍රභූන්ට එම නියෝග අදාල නොමැති බවක් පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් ඇත.
 
ඒ බව තහවුරු කෙරෙන මෙරට ප්‍රභූ සාදයක ජායාරූප මාධ්‍ය තුළ දැක්වෙන  අතර එහිදී නිරෝධායන නීති කිසිවක් සම්බන්ධව තැකීමක් කර තිබේද යන ප්‍රශ්නය නැගෙයි ?
 
මේ සාදය මැලිබන් ව්‍යාපාරයේ අධිපති රතනපාල සමරවීර ගේ 80 වන උපන්දිනය නිමිත්තෙන් මිට දින කිහිපයකට පෙර පවත්වා තිබෙන්නකි.
 
එම සාදයට මෙරට ඉහලම පන්තියේ ව්‍යාපාරිකයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ප්‍රභූන් රැසක් සහභාගී වී තිබූ අතර යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකද ඒ අතර වූහ.
 
ප්‍රභූන්ගේ මේ හැසිරීම සම්බන්ධව අදහස් දක්වමින් මුල් පෙළ සෞඛ්‍ය  අංශ ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ සාමාන්‍ය ජනතාව ඔය ආකාරයට හැසිරුණේ නම් පොලිසිය සිට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙනස් ආකාරයට ප්‍රතිචාර දක්වනු ඇති බවයි.
 
ඒ අනූව ලංකාව වසංගත සමයකදී පවා ප්‍රභූන්ට එක නීතියක් සහ සාමාන්‍ය ජනතාවට එක නීතියක් ලෙස ක්‍රියාත්මක වන බවක් හැඟෙන  බවත් ඔහු පැවසීය.

Rathnapala Samaraweera 1

Rathnapala Samaraweera 2

Rathnapala Samaraweera 4