පාස්කු ප්‍රහාරය: අවසන් වාර්තාව ජනපතිට

පාස්කු ප්‍රහාරය: අවසන් වාර්තාව ජනපතිට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නේ ය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම පසුගියදා අවසන් වූ අතර එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විසින් මෙම වාර්තාව ජනාධිපතිතුමාට භාර දෙනු ලැබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් මෙම කොමිසම පත් කරනු ලැබුව් 2019 සැප්තැම්බර් මස 21 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ය.

කොමිසමේ සාක්ෂි විභාගය 2019 වසරේ ඔක්තෝබර් 31 වැනිදා ආරම්භ කෙරිණි.

එදින සිට දින 214 ක් රැස් වූ කොමිෂන් සභාව සාක්ෂිකරුවන් 457 දෙනකුගෙන් අවස්ථා 640කදී සාක්ෂි විමසා තිබේ.

විමර්ශනයට සහය වූ නීතිපති දෙපාර්තමේන්තුව කොමිෂන් සභාව වෙත ආධාරක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති ලේඛන සංඛ්‍යාව 2,230 කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න