මහින්දගේ ගැසට් එකක් පීබී හකුලළා : මණ්ඩලේ කචල් ඉස්මුරුත්තාවටම නගියි !

මහින්දගේ ගැසට් එකක් පීබී හකුලළා : මණ්ඩලේ කචල් ඉස්මුරුත්තාවටම නගියි !

ආණ්ඩුව  අභ්‍යන්තරයේ කිසිවෙකුටත් නොතේරෙන දැඩි අර්බුදයක් පවතින අතර එහි තවත් එක් සිදුවීමක් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ගේ නියෝගයක් අනූව ප්‍රකාශ කෙරුණු ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මැදිහත්ව අවලංගු කරවූ පුවතක් වාර්තා වෙයි.

 විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනූව මේ වන විට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කැළනිය  ධර්මාලෝක පිහිනුම් අංගනය විවෘත කිරීමට නියමිත වූ නමුත් එ‍ය සිදුකිරිමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.
 
ඒ පිහිනුම් අංගනයේ වැඩකටයුතු අවසන් කිරීමට අවශ්‍ය ටයිල් රේගුවේ හිරවී ඇති නිසාය.
 
ඒ අනූව ප්‍රදේශයේ දේශපාලන බලධාරියා ලෙස ප්‍රසන්න රත්නවීර මීට මැදිහත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙතින් ඉල්ලා ඇත.
 
ප්‍රසන්න රත්නවීර අගමැති වෙත යොමුකළ ලිපිය සහ අගමැති නිකුත්කළ නිවේදනය !
IMG 20210203 174906

IMG 20210203 175006

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඒ සමගම ක්‍රියාත්මක වී ටයිල් සඳහා මේ වන විට ක්‍රියාත්මක ආනයනික ප්‍රතිපත්තිය සංශෝධනය කර ටයිල් සඳහා බදු නිදහස් කරන ගැසට් පත්‍රයක් නිකුත්කර ඇත.
 
එම ගැසට් පත්‍රය පහත දැක්වෙයි.
 
GazetteNo 22138 1 1

GazetteNo 22138 1 2

GazetteNo 22138 1 3

GazetteNo 22138 1 4

එහෙත් එම ගැසට් පත්‍රය නිකුත්කර පැය  කිහිපයක් යන මොහොතේ එය අවලංගු කර නිකුත්කළ  ජනාධිපති  ලේකම් පීබී. ජයසුන්දර ඊට පටහැනි ගැසට් පත්‍රයක් නිකුත් කරවනු ලැබීය. ඒ ආනයන අපනයන පාලක හහරහා ය.

IMG 20210203 WA0005
 
ඒ ගැසට් පත්‍රය අනුව නම් ටයිල් සඳහා කිසිදු තීරුබදු සහනයක් හිමි නොවේ. මේ අතර පීබී පාර්ශ්වය මාධ්‍ය හරහා ද  ඒ බව කඩිනමින් ප්‍රසිද්ධ කරනු ලැබූ අතර ඇතැම් මාධ්‍යට එය braking news ලෙස ගන්වනු ලැබිණ.
 
එසේම දේශපාලන ආරංචි මාර්ග කියන්නේ මේ ගැන අගමැති මහින්ද රාජපක්ෂ හාන්කවිසියක් නොදන්නා බවය.
 
ඒ අනුව යළිත් පසුගිය ආනයනික භාණ්ඩ සඳහා වූ බදු සංශෝධනය යටතේ ටයිල් වෙනුවෙන් දේශීයව නිර්මාණය වූ ධම්මික පෙරේරා ගේ ඒකාධිකාරයට තටු ලබා ඇත.
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න