සුද්දා දාපු කංසා තහනම අයින් කරගන්න බෑ : මොන නිදහසක්ද ? ඥානසාර හිමි (වීඩියෝ )

සුද්දා දාපු කංසා තහනම අයින් කරගන්න බෑ : මොන නිදහසක්ද ? ඥානසාර හිමි (වීඩියෝ )

අපේ මුතුන් මිත්තන් ඖෂධයක් ලෙස භාවිතා කළ කංසා  අප රට තුළ තහනම් කළේ සුද්දට දුම්කොළ සමාගම් ගෙන ඒමට බවත් අවුරුදු 73ක් ගියත් තවමත් එම තත්ත්වය  වෙනස් කරගෙන නොමැති බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

ඒ jay experience යූටියුබ් චැනලය විසින් 73 වන නිදහස් දිනය අලලා සිදුකළ මත විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් ය.

රා යනු ද ඖෂධයක් බවත් ඕනෑම ඖෂධයක් වුවත් පමණට වඩා ගත්තොත් අහිතකර බවත් සිහිපත් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට පුරා තැබෑරුම් තිබුණත් කිතුල් රා මදින්නාට නඩු වැටෙන බවය.

ඒ තුළ නිදහස් ජාතියක්ද යන්න ප්‍රශ්නයක් බවත් උන්වහන්සේ පැවසූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.