රට වහනවද ? නැද්ද ? තීන්දුව හෙට !

රට වහනවද ? නැද්ද ? තීන්දුව හෙට !

රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා නව ප්‍රභේදය (B.1.1.7.) වැළැක්වීම සඳහා රටම lockdown කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (15) තීන්දු කරනු ඇතැයි වාර්තා වෙයි. 

කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානය හෙට රැස්වන අතර එහිදී එම තීන්දුව ගනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අද(14) වැලන්ටයින් දිනයේ හා පෙබරවාරි මාසයේ ඇති දිගු සති අන්තවලදී සාමාන්‍ය නිරෝධායන නීති තදින් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත පෙරේරා පවසන්නේ වසංගත රෝග ඒකකය මෙම නව ප්‍රභේදයේ පැතිරීම පිළිබඳව මේ වන විට අධ්‍යනය කරමින් සිටින බවයි.

මෙම නව ප්‍රභේදය ප්‍රථම වරට ලංකාවෙන් සොයා ගත්තේ පසුගිය දෙසැම්බර් 30 වන දාය.

ඒ අනුව මෙම නවප්‍රභේදය ලංකාවට පැමිණ ඇත්තේ දෙසැම්බර් මුල හෝ මැද පමණ විය හැකි බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් කොරෝනා නව ප්‍රභේදය හමුව ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටී.

(lanka truth )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න