මුජිබරුත් එන්නත එපා කියයි !

මුජිබරුත් එන්නත එපා කියයි !

මහජනතාව කොරෝනා වෛරසයට නිරාවරණය වී සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලින්ම  එන්නත විද ගැනීම යුක්ති සහගත නොවන හෙයින් ජනතාවට එන්නත ලබාදෙන තුරු තමා ද එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ  මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  පැවසීය.

කොරෝනා වෛරසයට වැඩිපුරම නිරාවරණය වන්නේ එදා වේල හොයාගෙන කන ජනතාව බැවින් මුලින්ම එන්නත ලබා දිය යුත්තේ එම ජන කණ්ඩායම් වලට බව කී රහුමාන් මහතා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ පහසුකම් ඕනෑ  තරම් තිබෙන බවද සඳහන් කළේය.

දේශපාලනඥයා යනු මහජනතාවගේ සේවකයායැයි ඡන්දය දිනවලදී වේදිකාවේ වචනවලින් කීවාට පමණක් ඵලක් නොවන අතර එය ක්‍රියාවෙන්ද ඔප්පු කොට පෙන්විය යුතු බව කී මන්ත්‍රීවරයා එක දිනක් වැඩ නොකළහොත් දරු පවුලක්ම බඩගින්නේ සිටින ජන ප්‍රජාවක් සිටියදී මන්ත්‍රීවරුන් කලින්ම එන්නත විද ගැනීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

වැඩ කරන ජනතාවට මෙන්ම රාජ්‍ය සේවකයන්ටද  එන්නත ලබා දුන් පසුව තමා එන්නත ලබා ගන්නා බවද මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා  වැඩිදුරටත් කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න