ඩොලර් මිලියන 12ක් දෙන්නම් : උතුරේ දූපත් තුනේ ව්‍යාපෘති අපට දෙන්න – ඉන්දියාව

ඩොලර් මිලියන 12ක් දෙන්නම් : උතුරේ දූපත් තුනේ ව්‍යාපෘති අපට දෙන්න – ඉන්දියාව

යාපන අර්ධද්වීපය ආශ්‍රිතව පවතින ඩෙල්ෆ්ට්, නයනතිව් හා අනලතිව් යන දූපත් තුනේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති තමන්ට ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 12ක් (රුපියල් කෝටි 228) ලබාදෙන බව ඉන්දියාව පවසයි.

මෙම ඉල්ලීම ඉන්දීය රජය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට යොමු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඩොලර් මිලියන 12ක සුලං බලාගාර ව්‍යාපෘතිය උතුරේ දූපත් තුනක ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පසුගියදා කැබිනට් මණ්ඩල‍ය විසින් චීන සමාගමකට පිරිනමන ලදී. ඉන්දියාව ආසන්නයේ පවතින මෙම දූපත් තුනේ විදුලි ව්‍යාපෘති ඉදි කිරීමට චීනයට ලබාදීම ඉන්දියාවේ ආරක්ෂාවට ගැටලුවක් බව ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණි. මෙම ටෙන්ඩරය සඳහා ඉන්දීය සමාගම් ඉල්ලුම් කර තිබුණත් තාක්ෂණික දෝෂ නිසා එම සමාගම් ඉවත් කර ඇත. කෙසේ වෙතත් මෙම ගැටලුව මේ වනවිට රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා දුරදිග යමින් තිබේ.

lanka truth 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න