රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෝෂ වැඩිවෙයි !

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෝෂ වැඩිවෙයි !

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිත හැසිරීමට අදාළ තවත් සිදුවීමක් සම්බන්ධව මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.

ඒ ඊයේ (01) නිකුත්කළ "2021 මැයි 01 සිට ක්‍රියාත්මක කොවිඩ් මර්දන මාර්ගෝපදේශ" සඳහා වූ නිල නිවේදනය නිකුත් කිරීමේදීය.

එහි 1 කරුණ යටතේ Brand Lunches යන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිවර්තනය කර ඇත්තේ "සන්නාම දිවා භෝජන" ලෙසය.

නමුත් පසුව එහි සංශෝධිත නිවේදනයක් නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.

වසංගත සමයක ආතතිගත පසුබිමක සාමාන්‍ය අක්ෂර සම්බන්ධව අත්වැරදීමක් සිදුවිය හැකි නමුත් මුළුමනින්ම මේ ආකාරයේ දෝෂ සහගත දෙයක් අවසන් මාධ්‍ය නිවේදනය නිකුත් කරන මොහොත දක්වා කිසිවෙකුගේ ඇස නොගැටීම අපරික්ෂාකාරී බව මිස අන් යමක් නොවන බව මාධ්‍ය ක්ෂේත්‍රයේ අදහස වී ඇත.

මෙහි පහත පළමුව දැක්වෙන්නේ අපරික්ෂාකාරී ලෙස නිකුත්කළ නිවේදනය වන අතර දෙවනුව දැක්වෙන්නේ සංශෝධිත නිවේදනයයි.

Screenshot 20210502 104742

Screenshot 20210502 104425

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න