ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාවක් !

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාවක් !

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, තම  දරුවන්ගේ අනාගතය සමඟ බරපතල සූදුවක නිරතව සිටින බවට, එම පාසලේ සිසුන්ගේ මව්පියන් චෝදනා කරයි.

වාර්තා වන ආකාරයට මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ  පාසලේ විභාග සම්බන්ධව විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙනි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින්මෙවර මැයි /ජුනි මාසයන්හි පැවැත්වීමට නියමිතව තිබූ Cambridge ජාත්‍යන්තර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සතියක් පමණක් පවත්වා වසංගත තත්වය උග්‍ර වීම මත මැයි මස 7 වැනි දින නවතා ඇත. එසේම ජාත්‍යන්තර කේම්බ්‍රිජ් ආයතනයේ සම්පාදිත ප්‍රතිපාදන මත එලෙස නවත්වා දමන ලද විභාග සඳහා භාවිතා කරන විධි විධාන මාලාව මැයි 12වැනි දා වන විට ශ්‍රී ලංකාවට එවා තිබෙන අතර එහිදී Covid19 වසංගත තත්ත්වය පිළිබඳව මැනවින් අවධානය යොමු කොට තිබෙන බවත් මව්පියන් පෙන්වා දෙයි.

ඒ අනූව වසංගත තත්ත්වයෙන් පීඩා විඳින රටවල සිසුන්ගේ මානසික පසුබිම ගැනද අඩාල වී ඇති පාසල් අධ්‍යාපනයද සලකා විභාගය තීරණය කිරීම සඳහා තෝරාගත යුතු විකල්ප කරුණු දෙකක්, එම කේම්බ්‍රිඡ් ප්‍රතිපත්ති මාලාවේ පැහැදිලි ලෙස දක්වා ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව  පාසලේ එතෙක් පැවැත්වූ  විභාග තුනක ප්‍රතිඵල, විශ්ලේෂණය කොට එහි ප්‍රතිඵලය නිර්ණය කිරීම තුළින්  අනුමාන ලකුණු ප්‍රමාණය කේම්බ්‍රිජ් පාසල වෙත යොමුකිරීම පළමු කරුණයි.

එසේ එවන ලකුණු  Cambridge ආයතනය විසින් නැවත තත්ව පරීක්ෂාවකට ලක් කොට පෙර සැකසුම් කළ වගුගත ලකුණු දෙන ආකාරයට එවන ලද ලකුණු අනුගත කොට අවසාන ප්‍රතිඵලය නිකුත් කරන මෙන් එමගින් නිර්දේශ කර ඇත.

දෙවන කරුණ වන්නේ  නැවත විභාගය පැවැත්වෙන දිනය වන නොවැම්බර් මාසයේදී සිසුන් විසින්ම නැවත එම විභාගය සඳහා අයදුම් කිරීමයි. 

මෙහිදී මෙම විභාගය  වසංගත තත්වය හේතුවෙන් නොවැම්බර් මාසයේදී පවත්වනවාදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි බව Cambridge ආයතනය මෙන්ම Lyceum පාසලද සඳහන් කර තිබේ.

සිසුන්ගේ මාපියන් පවසන්නේ  රටේ පවතින තත්වය හමුවේ පලමු විකල්පය  ඒකමතිකව බාරගත යුතු බවයි.

 මෙම කරුණු දෙක විශ්ලේෂණය කිරීමේදී  ඒ බව  පහසුවෙන්ම අවබෝධ වන බවත් ඔවුන්ගේ  අදහස වී තිබේ.

එහෙත් අවාසනාවකට වත්තල Lyceum  ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනියකගේ තීරණය වී ඇත්තේ  සිසුන්ගේ මානසික තත්ත්වය හෝ රටේ පවතින සෞඛ්‍යමය තත්වය බින්දුවකට හෝ මායිම් නොකර  නොවැම්බර් මාසයේ පැවැත්වේ යැයි අනුමාන කොට තිබෙන විභාගයක් සඳහා සිසුන් සහභාගී කරවීමයි.

මේ සම්බන්ධව පැහැදිලිව විදුහල්පතිනිය වෙත මව්පියන් චෝදනා කර සිටියි.

මේ ආකාරයට සිසුන්ව කවර දිනක හෝ ඊළඟට පැවැත්වෙන විභාගය සඳහා, සහභාගි විය යුතු බව විදුහල්පතිනිය විසින් දන්වා එවීමෙන් අනතුරුව සිසුන්ගේ දෙමාපියන් 110 කු මේ  පිළිබඳව කරුණු පැහැදිලි කරමින කේම්බ්‍රිජ් ආයතනයට පෙත්සමක් යොමුකර ඇත.

මව්පියන් වැඩිදුරටත් චෝදනා කරන්නේ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නොහැකි වුවහොත්සිසුන්ට අත්වන ඉරණම කුමක්ද යන්න  බලධාරීන් කිසිවක් නොපවසන බවටයි.

වත්තල ලයිසියම් පාසල එවැනි දැඩි ස්ථාවරයක සිටිය ද නුගේගොඩ සහ පානදුර පාසල් ඊට වඩා නම්‍යශීලී ප්‍රතිපතියක් අනුගමනය කිරීමත් මව්පියන් ගේ අවධානයට ලක් වී තිබේ.

සැබවින්ම වත්තල ලයිසියම් පාසලේ විදුහල්පතිනිය මේ නටන නාඩගම මොකක්ද ? වගකිවයුතු සියළු පාර්ශ්වයන්ගේ අවධානය ඒ වෙත යොමුවිය යුතුව ඇත. කේම්බ්‍රිඡ් නිර්දේශ සහ මව්පියන් ගේ අත්සන් ඇතුළත් පෙත්සම පහත දැක්වෙයි.

කේම්බ්‍රිඡ් නිර්දේශ සහ මව්පියන් ගේ අත්සන් ඇතුළත් පෙත්සම පහත දැක්වෙයි.

crembrij 1

lu 1

li 2

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න