සිරස මාධ්‍ය ජාලයට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේ, රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විශ්වසනීයව දැන ගන්නට ලැබී ඇති බවයි.
විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, සිරස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.
ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
