Language Switcher

Ad

Ad 01

V2025

අන්තර් කැඳවුම්කරු සහ ජ’පුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රිමාන්ඩ්

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනගාරගත කළේය. ඒ, සැකකරුවන් අද කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිස අද අලුයම රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරිම ඇතුළු චෝදනා යටතේය.

මේ අතර අත්අඩංගුවට පත් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාකාරීන් තිදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වු පුද්ගලික ඇප මත මුදා හැරිණි.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මහජනතාවට හිරිහැරයක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූයේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුව ගනු ලැබිණි.

නඩුව ලබන දෙසැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.