පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා සාකච්ඡාවක් කැඳවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ කොව්ඩ් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදි අදහස් දක්වමිනි.
කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන එන්නත්කරණය සහ සංචරණ සීමා යෙදීම මෙන්ම සෑම දෙනාටම සවන් දීම, නම්‍යශීලි වීම වැදගත් බව ද හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ ය.
වසංගතය පාලනයේදී ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ කච්ඡාවක් කැඳවීම වැදගත් බවයි.