මූල්‍ය වංචාවලට සම්බන්ධ චීන ජාතිකයින් 125 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ

මූල්‍ය වංචාවලට සම්බන්ධ චීන ජාතිකයින් 125 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ

සබැඳි මූල්‍ය වංචාවලට (Online Financial Scams) සම්බන්ධ බවට සැකපිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු ඊයේ (මාර්තු 30) රාත්‍රියේ දිවයිනෙන් පිටුවහල් කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ චීන රජය සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව, ඔවුන් රැගෙන යාම සඳහා චීනයෙන් එවන ලද විශේෂ ගුවන් යානයක් භාවිතා කළ බවයි.

මෙම පිරිස සමඟ චීන ආගමන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ වෛද්‍යවරයෙකු ද ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර, ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හය දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ද මෙම පිටුවහල් කිරීමේ ක්‍රියාවලියට එක් විය.

මෙම සැකකරුවන් පිරිස පසුගිය මාර්තු 17 වන දින අනුරාධපුර ප්‍රදේශයේ නවාතැන්පොළවල් කිහිපයක රැඳී සිටියදී අත්අඩංගුවට පත් විය. යුද හමුදා බුද්ධි අංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් කොටු කරගත් අතර, ඔවුන් සබැඳි මූල්‍ය වංචා සිදුකරන බවට චෝදනා එල්ල වී තිබුණි.

පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම චීන ජාතිකයින් සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීමෙන් ඔවුන් ආගමන හා විගමන නීති උල්ලංඝනය කර ඇති බව තහවුරු විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි මෙම පිරිස, චීන රජයේ එකඟතාවය මත මෙලෙස සිය මව්බිම වෙත යැවීමට පියවර ගැනුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න