Language Switcher

V2025

දත්ත මගඩියේ මහ මොළකරු සැඟවීමේ තැතක් !

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීම සම්බන්ධයෙන් වන වගකීම එක් ඉංජිනේරුවෙක් මත පැටවීමට උත්සාහ ගනිමින් සිටින බවත්, මෙම පුද්ගලයා කවුරුන්දැයි හෙළිදරව් නොකරන්නේ දත්ත පද්ධතිය මකා දැමීම පිටුපස සිටින ඖෂධ ජාවාරම්කරුවන් හා මහ මොළකරු සැගවීමේ උවමනාව නිසාදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ප‍්‍රශ්න කළේය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය .

ඖෂධ නියාමන ජාතික අධිකාරියේ දත්ත මැකී යාම ගැන ඇත්ත කරුණු තවම එළියට ඇවිත් නැහැ. මේ ගැන අධිකරණයට කරුණු දිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප‍්‍රකාශ කරන්නේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට නීති විරෝධි ආකාරයට ගෙන්වා මුදල් උපයන ඖෂධ මාෆියාවේ කුමන්ත‍්‍රණයක් විය හැකි බව පවසා තිබෙනවා.

මේ දත්ත මැකී ගියේ එක ඉංජිනේරුවෙක්ගේ අතින් කියලා සමාගම කියනවා. ඒ ඉංජිනේරුවා කවුද කියලා තවම ප‍්‍රකාශ කරන්නේ නැහැ. එහෙනම් මේ ඉංජිනේරුවා ජාවාරකම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වුනාද, නැතිනම් ජවාරම්කරුවන් විසින් ඉංජිනේරුවා මෙහෙයවනු ලැබුවාද කියන එක ගැන සැකයක් මතුවෙනවා.

මේ ඉංජිනේරුවා මොනවා කරන කෙනෙක්ද කියලා සොයා බැලිය යුතුයි. මේ ඉංජිනේරුවා කවුරු වෙනුවෙන් වැඩ කළ අයෙක්ද? මේ ඉංජිනේරුවා කවුරු වෙනුවෙන් කටයුතු කරපු අයෙක්ද?

මේ වගේ වගකීම් සහගත රැුකියාවක් කරන්න ගන්න අයෙක් සම්බන්ධයෙන් ආරක්ෂක විගණනයක් කරන්න අවශ්‍යයි. ආරක්ෂක අමාත්‍යාංශයට කෙනෙක් ගන්න විට ඒ වගේ සොයා බැලීමක් කරනවා. එවැනි තත්වයක් තුළ ආරක්ෂක අමාත්‍යාංශය, බැංකු ඇතුළු සංවේදී දත්ත ගබඩා කරලා තියෙන ආයතනවල ආරක්ෂක විගණනක් කරලා තියෙනවාද? මෙහෙම ගිහින් සමස්ත දත්ත පද්ධතියම විනාශ වෙන්න පුලුවන්.

මේ දතත මකා දමා තිබෙන්නේ චේතනාන්විතවද? දැන් මේ වැරදීමකින් දත්ත මැකී ගිය බවනේ කියන්නේ. වැරදීමකින් ඒ වගේ මකා දමන්න කියන බොත්තම එබුවොත් මේක කරන්න ඔ්නද කියලා අහනවා. අත්වැරදීමකින් එහෙම මකා දමන්න බෑ.

මේ දත්ත පද්ධතියේ මුර පදය හතර දෙනෙක්ගේ අතේ තිබිලා තියෙනවා. එහෙම එක පුද්ගලයෙක්ට තනියම ඒ දත්ත මකා දමන්න පුලුවන්ද? එහෙම එක පුද්ගලයෙක් මකා දමනවානම් ඉහළ නියෝගයක් නැතිව එම දත්ත මකන්න පුලුවන්ද?

මොහු කාගේ වුවමනාවක් වෙනුවෙන්, ඖෂධ ජාවාරමක්රුවෙක්ගේ උවමනාව වෙනුවෙන් කටයුතු කළාද? මේ පුද්ගලයා හෙළිදරව් කරන්නේ නැත්තේ මහ මොළකරු හමුවෙතැයි යන බිය නිසාද? ඖෂධ මාෆියාවේ මහ මොළකරු හෙළිවෙතැයි යන බිය නිසාද මොහු හංගාගෙන ඉන්නේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට චෝදනා එල්ලවෙනවා. සිරකරුවන්ට වද හිංසා පැමිණවීම, පාස්කු ප‍්‍රහාරය ගැන චෝදනා එල්ලවන විට ඇමැතිවරු පිස්සු නටන්න පටන් අරගෙන තියෙනවා.

පසුගිය ආණ්ඩුවල මේ වගේ දේවල් වුනාම ක‍්‍රියාත්මක වුනේ නෑ, ඒත් අපි ක‍්‍රියාත්මක වෙනවා කියලා වියත්මගේ ඇමැතිවරයෙක් කියලා තිබුණා. හැබැයි පහුගිය ආණ්ඩු කියන්නේ ඒ අයගේ ආණ්ඩුවලදී තමයි රූපවාහිනියට පැනලා පිස්සු නැටුවේ

මෙහෙම කරපු ඇමැතිවරු එක අමාත්‍යාංශයකින් විතරක් ඉල්ලා අස්වෙනවා. අනික් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙන්න නම් මැණික් හා ස්වර්ණාභරණ එකේ මංකොල්ලයක් වෙන්න ඔ්න කියලා කියනවා. ඒ කියන්නේ බන්ධනාගාරයේ වරදක් සිදුවෙලා තියෙනවා.

මේ වගේ දේවල් කරන අයෙක් ඇමැතිවරයෙක් වීමට සුදුසුයි. මෙහෙම වැරදි වුනොත් පාරට බහිනවා කියපු අය දැන් කෝ? මේ වගේ වැරදි කරන ඇමැතිවරු කනෙන් ඇදලා එළියට දාන්න කොන්දක් මේ ආණ්ඩුවට නෑ.

ජාත්‍යන්තරව බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙලා තියෙන වෙලාවක ඒවට උල්පන්දම් දීලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් නිහඩ කරලා. ආණ්ඩුව අමනෝඥ, කොන්ද පන නැති දේවල් තමයි මේ කරන්නේ.

ඇමැතිවරයා නිර්දෝශී නම් මාධ්‍ය වල පළවූ වාර්තා බොරු වෙන්න ඔ්න. රැුදවියන් කියන කතා බොරු වෙන්න ඔ්න. අනුරාධපුරයට මහ ? ගියේ නැද්ද? ගිහින් සිර කුටිය ඇරියේ නැද්ද? මේකෙන් එල්.ටී.ටී.ඊ. සැකරුවන් එලියට ගත්තේ නැද්ද?

බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ රස්සාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා මොනවත් කියන්නේ නෑ. හැබැයි මේ සිද්ධිය සිදුවෙලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා සදහන් වෙනවා

දැන් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා බන්ධනාගාරයට යනවා. ඔහු හරිනම් තමන්ගේ සහෝදර ඇමැතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න උදව් කරන්න ඔ්න. කවුරුන් හෝ තුවක්කුවක් භාවිතා කළා කියලා පැමිණිල්ලක් ලැබුණ විට තුවක්කු ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්න පුලවුන්. අත්අඩංගුවට ගත්තම ඇප දෙන්නේනෑ.

ඒත් පොලීසිය භාර ඇමැතිවරයා පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු තෝරාගත්තා වගේ ඇමැතිවරයාගේ තුවක්කුවට බලපත‍්‍ර තියෙනවා කියලා කියනවා. තුවක්කුව දකින්නේවත් නැතිව තමයි ඒකට ලයිසන් තියෙනවා කියලා කියන්නේ. ලයිසන් තුවක්කුවක් අරගෙන හිරේට ගිහින් මිනිහෙක්ගේ ඔලුවට තියපු එක හරිද? බීලා තියෙන්නේ ලයිසන් අක්කු නම්, ගිහින් තියෙන්නේ ලයිසන් තියෙන පොලීසියත් එක්ක නම් මේ වැඩෙත් ලයිසන් තියෙන වැඩක්ද? මේ කරපු වැඩේ එතකොට හරිද? වියත්මග ලයිසන් දීලා තියෙන්නේ මේකටද?

මේ ඇමැතිවරයා මහ ? නිරීක්ෂණ චාරිකාවකට යන්න ඔ්නද? කොට කලිසන් ඇදගෙන, පිස්තෝල බිම හැලි හැලිද නිරීක්ෂණ චාරිකාවලට යන්නේ

නිරෝධායන ඇදිරිනීතිය දීර්ඝ කර තියෙනවා. නිරෝධායන ඇදිරිනීතිය දීර්ඝ කරන්න කියලා සෞඛ්‍ය අංශ කියනවා නම් එහි කිසිම ප‍්‍රශ්ණයක් නෑ. මේක සිදුවිය යුතු දෙයක්. නමුත් සෞඛ්‍ය අංශ මුල සිටම ඉල්ලුවේ සති තුනක් හරියට රට වහන්න කියලා.

දැන් වහලා තියෙන්නේ බාර් වහපු එකයි, පොදු ප‍්‍රවාහන ක‍්‍රියාත්මක නොවන එකයි විතරයි. සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන දේ වෙලා තියෙනවාද කියන ප‍්‍රශ්ණය තියෙනවා. නිවරදි ආකාරයට රට වැහුවානම් ඉවර කරගන්න තිබුණ එක තමයි මේ විදියට ඇදෙමින් තියෙන්නේ.

මේ නිසා එදාවේල හම්බකරගෙන ඉන්න අයට තමයි ලොකුම ප‍්‍රශ්ණය වෙලා තියෙන්නේ. ඒ අයට පන්දාහත් නෑ. තුන්දාහත් නෑ. බඩු මිලත් අහස උසට ගිහින්. ගැසට් ගැහුවට සීනි අඩුවෙලත් නෑ. ගැසට් ගැහුවට හාල් අඩුවෙලත් නෑ. මිනිස්සුන්ට කන්න බැරි තරමට බඩු මිල ඉහළ ගිහින්. ජීවිතේ බොහෝම අමාරුවෙන් ජිවිතේ ගැට ගහගෙන යන්නේ.

ආණ්ඩුව වී මිලදී ගැනීමේ මිල රුපියල් පහකින් වැඩි කළත් ගොවියන් වී දෙන්නේ නැතිව ඉන්නවා. දැන් වී වගාව කර්මාන්තයක් බවට පත්වෙලා තියෙනවා. මහවැලියෙන් පස්සේ තමයි රටේ හැම තැනම කුඹුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ. වී වල මිල තීරණය වන්නේ ඔවුන්ගේ වියදම අනුවයි. වියදම ඉහළ ගිහින් තියෙනවා නම් වී මිල ඉහළ දැමීමට සිදුවෙනවා.

රජය මේ වෙලාවේ ගොවීන්ගේ පැත්තත් කල්පනා කරලා, සහල් පාරිභෝගිකයා ගැනත් හිතලා කටයුත ුකළ යුතුයි. කාගේවත් මාෆියාවලට බැනලා මේ ප‍්‍රශ්ණය විසදන්න බෑ.

දැන් තේ පොල් රබර්වලට කාබනික පොහොර ගෙන්වීමේ ප‍්‍රථිඵල අපිට දැකගැනීමට ලැබේවි. ක‍්‍රමානුකූලව කාබනික වගාවට ගියත් අත්‍යවශ්‍ය රසායනික පොහොර ගෙන්විය යුතුයි. වගාවට අවශ්‍ය රසායනකින ද‍්‍රව්‍ය ආනයනය කිරිමට සදහා කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට කලින් අනුමැතිය දීලා තිබුණා. ඒ ගැන ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුයි.

හැබැයි එක සමාගමකට මේ ආනයනය සදහා අවසර දුන්න බව තමයි පැවසෙන්නේ. මේක නැවත වරක් ගජ මිතුරන්ට සැලකීමක් නොවී, ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම උද්දච්චකම පැත්තකට ගිහින් තේ ගොවියා ගැන, වී ගොවියා ගැන, එළවළු ගොවියා ගැන කල්පනා කරලා යම් ප‍්‍රමාණයකට හෝ රසායනික පොහොර ගෙන්වීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.