උගතුන් බුද්ධිමතුන් ඉවත්වෙන හේතුව ඇල්ලේ හිමියෝ පවසති !

 උගතුන් බුද්ධිමතුන් ඉවත්වෙන හේතුව ඇල්ලේ හිමියෝ පවසති !

උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ ආණ්ඩුවේ මේ පාපකර්මයට දායක නොවුණා යැයි සිතා හිත හදාගැනීමට බවත්, මේ රට රැකගැනීමට නම් එයින් නොනැවතී අපත් සමග එකතු විය යුතු බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“වරායෙ අක්කර 13ක් දෙන්න යනවා. ‘සෙලෙන්දිවා’ යටතේ ගෆූර් බිල්ඩින් එක, හිල්ටන් හෝටලය, පොලිස් මූලස්ථානය ඇතුළු ගොඩනැගිලි විසි ගණනක් දෙන්න යනවා.විදේශ කටයුතු අමාත්‍යාංශය තිබෙන ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් එක ඇතුළු අක්කර 200ක් දෙන්න හදනවා. මගේ පන්සල පසුපස ඉඩම, බොරැල්ල මාර්කට් එක, කොල්ලුපිටිය මාර්කට් එක දෙන්න හදනවාදෙනන්න හැදුවට මේවා දෙන්න ලැබෙයි ද කියලා රජය කල්පනා කරනවා නම් හොඳයි. අපි මේ රට භාරදීලා තියෙන්නේ අවුරුදු පහකට පාලනය කරන්න. නැතිව මේ රට වෙන්දේසි කිරීම සඳහා නොවෙයි. අපට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපි බොහො ම වේදනාවෙන් ඉන්න කාලයක් මේක.මේ රටේ බුද්ධිමත් මිනිස්සු තනතුරුවලින් ඉවත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආත්මගෞරවය ආරක්ෂා කරගන්න. ඒ මිනිස්සු මේ පාපකර්මයට අත තිබ්බේ නෑ කියලා හිත හදාගන්න. උගතුන් බුද්ධිමතුන් පහුවෙන්න පහුවෙන්න තවත් ඉවත් වේවි.ඉවත් වෙලා නිකම් ඉන්න හොඳ නෑ. අපිත් එක්ක එකතු වෙන්න ඕනෑ. මේ රට රැකගන්න. තමන් ඇතුළු ලක්ෂ 69ක් මේ ආණ්ඩුව පත්කිරීමට දායක වීම ගැන පශ්චාත්තාප වෙනවා.”ලෙස ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න