සියලුම දුරකථන ග්‍රාහකයින්ට Number Portability සඳහා අනුමැතිය

සියලුම දුරකථන ග්‍රාහකයින්ට Number Portability සඳහා අනුමැතිය

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි.

මෙම නීති සම්පාදනයත් සමඟ ඕනෑම දුරකථන ග්‍රාහකයකුට අවශ්‍යතාව අනුව අංකයේ වෙනසකින් තොරව දුරකථන ජාලය වෙනස් කිරීමේ අවස්ථාව ලැබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න