එල්ටීටීඊ සොහොනට ආණ්ඩුවෙන් වාරණයක්

එල්ටීටීඊ සොහොනට ආණ්ඩුවෙන් වාරණයක්

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ කිලිනොච්චිය - කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය සොහොන් බිමක් යළි ඉදිකිරීම සඳහා පසුගියදා පැවැත්වුණු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අනුමැතිය ලබාගෙන ඇති බවට ලැබුණු වාර්තාවකට ප්‍රතිචාර දක්වමින්ය.

වාර්තා වන ආකාරයට අදාළ ව්‍යාපෘතිය සඳහා යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් විසින් වන අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් වෙන් කිරීමටද යෝජනාවී ඇත.
එසේම අදාළ ඉදිකිරීම සඳහා මේ වන විට කරච්චි ප්‍රාදේශීය සභාවෙන් සහ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මීට ප්‍රතිචාර දක්වමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය දැනුම්දී ඇත්තේ, රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් මියගිය දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වෙනුවෙන් සොහොන් බිමක් ඉදිකිරීමේ සැලසුමක් පවතින්නේ නම් එය නතර කරන ලෙසය.

එසේම අදාළ සිදුවීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙතින් වාර්තාවක් කැඳවීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න