නැනෝ නයිට්‍රජන් හිතන තරම් වැඩ නෑ : විශේෂඥ අනාවරණය මෙන්න !

නැනෝ නයිට්‍රජන් හිතන තරම් වැඩ නෑ : විශේෂඥ අනාවරණය මෙන්න !

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩිකර ගැනීමේ අපේක්ෂාව ඉටු කරගත නොහැකි බව විශේෂඥ මතය වී තිබේ.

එසේම ඒ හරහා හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන අපේක්ෂාවන් ඉටු කර ගත නොහැකි බවත් ඔවුන් පවසයි.

මේ විශේෂඥ අදහස් දැක්වීම සිදුකර ඇත්තේ මෙරට දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පීඨවල සහ තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව විසිනි.

ඔවුන් සිදුකළ විද්‍යාත්මක සොයා බැලීමේදී මේ කරුණු අනාවරණයවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

යූරියාවලට වඩා මිල අධික නැනෝ නයිට්‍රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බවට ශාකයක නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින් සැපිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද එම සමිති සම්මේලනය සඳහන් කරයි.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාකයක පත්‍ර මතට ඉසින බැවින් ඒ සඳහා නවීන ඩ්‍රෝන් තාක්ෂණය යොදා නොගෙන විශාල වපසරියකින් යුත් කෘෂි ක්ෂේත්‍රවලට සහ වඩා උසකින් යුත් බඩඉරිඟු හා උක් වැනි ගස්වල පත්‍රවලට දියර පොහොර යෙදිය නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම දියර පොහොර යූරියා පොහොරවලට වඩා මිල අධික හෙයින් ගොවීන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද මෙම පොහොර භාවිතයෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකි බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න