ගුරු වර්ජනය සාර්ථකයි - ජෝසප් ස්ටාලින්

ගුරු වර්ජනය සාර්ථකයි - ජෝසප් ස්ටාලින්

අද (21) පාසල් යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබුණද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙනයන වැඩවර්ජනය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමට දැඩි බාධා එල්ල වී ඇති අතර,  රටේ බොහෝ ප්‍රදේශවල ගුරුවරුන් බහුතරයක් වර්ජනයේ නිරතවෙමින් සිටින අතර සිසුන්ගේ පැමිණීමද ඉතා සීමිත වී ඇති බවයි වාර්තා වෙයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  පවසන්නේ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. 

දකුණේ ගුරුවරුන් වර්ජනයේ නිරත වුවද උතුරු නැගෙනහිර වර්ජනය ක්‍රියාත්මක නොවන බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් ප්‍රකාශ කළද අද දිනයේදී උතුරු නැගෙනහිර පවා වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ස්ටාලින්  පවසයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙනයන වැඩවර්ජනය සඳහා දෙමව්පියන්ගෙන්ද සහාය ලැබී ඇති බවත්, බොහෝ පාසල්වල කිසිදු දරුවෙකු පාසලට පැමිණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වර්ජනයේ නිරත ගුරුවරුන් විසින් සිය පාසල්වල තත්වය පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු ප්‍රකාශයට පත්කර ඇති අතර බොහෝ පාසල්වලට පැමිණ තිබෙන්නේ ආරක්ෂාව සඳහා යොමුකළ පොලිස් නිළධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් පමණි.

ඇතැම් පාසල්වලට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිළධාරීන්ද පැමිණ ඇති බව වාර්තා වෙයි.=

ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව හොඳින් තේරුම් ගතයුතු බවත්, අමාත්‍ය අනු කමිටුව විසින් යෝජනා කළ වැටුප් වැඩිවීම කඩිනමින් ලබාදීමට ක්‍රියා කළයුතු බවත් ගුරු සංගම් පවස‍යි.

ලබන 25 වැනිදා ගුරුවරුන් සේවයට වාර්තා කළද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ සටන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති පවසයි. ඒ අනුව ඉදිරියේදී උද්ඝෝෂණ= ක්‍රියාත්මක කිරීමටද ගුරු සංගම් තීරණය කර තිබේ.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න