පාර්ලිමේන්තුව අස්සේ ආණ්ඩුව දෙදරයි : ප්‍රහාරය සුසිල්ගෙන් !

පාර්ලිමේන්තුව අස්සේ  ආණ්ඩුව දෙදරයි : ප්‍රහාරය සුසිල්ගෙන් !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අර්බුදය ඔඩුදුවා ඇති තත්ත්වය විදහා දක්වමින් ආණ්ඩුවේ ප්‍රබලයන් ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම අරඹා ඇති අතර විවේචනල බරපතළකම අනූව එය දේශපාලන පිපිරීමක ආසන්න තත්ත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි.

එහි ආසන්නතම සිදුවීමක් අද (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

ඒ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම යි.

එහිදී නව ව්‍යවස්ථාව සකස් කරන ආකාරය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළකර සිටීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කටයුතු කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාව මෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරකසභා හරහා සිදුකළද මෙවර ඒ කිසිවක් දැකගන්නට නොමැති බවය.

පාර්ලිමේන්තුව පවතින්නේ නීති සකස් කිරීමට බවත්, වෙන කොහේවත් සකස් කර එවන නීති සිග්නල් කණු මෙන් අත ඔසවා සම්මත කිරීමට තමන් කටයුතු නොකරන බවත් එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

විෂය දන්නා තමන් කතා කිරීමට විනාඩි 05ක් වෙන් කර ඇති බවත්, විෂය නොදන්නා අයට පල්හෑලි කතා කිරීමට විනාඩි 15ක් වෙන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න